අන්තර් ජාලය ඔස්සේ සිදුකරන, ගණිකා ජාවාරමක් ගැන තොරතුරු


213 Views

විදේශීය කතුන් මෙරටට ගෙන්වා වෙබ් අඩවියක් ඔස්සේ සිදුකළ ගණිකා ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ කර ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා. 

පෙරේදා සිදුකළ වැටලීමකදී එලෙස පැමිණි කසකස්ථාන සහ චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණේ බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයකදීයි. 

අදාළ වෙබ් අඩවිය ඩුබායි රාජ්‍යයේ සිටින පුද්ගලයෙකු මෙහෙය වන බවට කාන්තාවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබෙනවා.

වෙබ් අඩවියට සම්බන්ධ වෙමින් ගැණුම්කරුවන්ට කාන්තාවන් මිලදී ගත හැකි අතර, පසුව ඔවුන් රැදී සිටින හෝටලය වෙත යන ලෙසයි එය හසුරුවන පුද්ගලයෙකු දැනුම් දෙන්නේ. 

ඒ අනුව තම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු උපාය ධුතයන් ලෙස යොදවා අදාළ වැටලීම සිදුකළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක එම්.ජී.වී. කාරියවසම් ප්‍රකාශ කළා.

අදාළ කතුන් සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බවට ද හෙළිදරව් වී ඇති අතර, ඔවුන් පුද්ගලයෙකුගෙන් රුපියල් 35,000 ක පමණ මුදලක් අයකරගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. 

එලෙස පැමිණි තවත් විදේශීය කාන්තාවන් පිරිසක් ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක එම්.ජී.වී. කාරියවසම් කියා සිටියේ.

Make a Comment
Make a Comment

  Related News