බස් රථයකට යටවී කුඩා දරුවෙකු බරපතලලෙස තුවාල ලබයි


147 Views

හැටන්, බගවන්තලාව ලොයිනොල් වතුයායේ සිට බගවන්තලාව දක්වා වූ පෞද්ගලික බස් රථයකට යටවී කුඩා දරුවෙකු බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා.

ඊයේ(12) සවස මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලබා ඇත්තේ තුන් හැවිරිදි පිරිමි දරුවෙක්.

ඔහු මේ වනවිට දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

බස් රථයේ අධික වේගය අනතුරට හේතුව බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් පසුව බස් රථයේ රියදුරු පොලිසියට භාර වී තිබෙනවා.

බගවන්තලාව පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Make a Comment
Make a Comment

  Related News