රංගන ශිල්පී රොෂාන් පිලපිටිය, බිරිඳ රිද්මා සමගින් 44වන උපන්දිනය සැමරූ හැටි - Video & Photos


4,506 Views

රංගන ශිල්පී රොෂාන් පිලපිටියගේ 44 වන උපන්දිනය ඊයේ  දිනට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් ඔහුගේ බිරිඳ රිද්මා පිලපිටිය ඔහුව පුදුම කරවමින් උපන්දින සාදයක් පැවැත්වුවේ සිය මුහුණු පොතටද එය එක්කරමිනුයි.

තවද "මගේ හුස්ම ටිකට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා" යනුවෙන් සටහනක් තබමින් ඇය සිය සුබ පැතුම එක්කර තිබුණා.

රොෂාන් පිලපිටියට මුහුණු පොතේ ගිණුමක් නොමැති නිසා ඔහුගේ මිතුරු මිතුරියන් රිද්මාගේ මුහුණු පොතට සිය සුබ පැතුම් එක්කර තිබුණු අයුරුද දක්නට ලැබුණා.

රොෂාන් පිලපිටියගේ උපන්දිනය වෙනුවෙන් හිරු TV වෙතින්ද අලංකාර කේක් නිර්මාණයක් තෑගි කළ අතර ඒ වෙනුවෙන්ද ඇය ස්තූතිය පළ කර තිබුණා.
 
 
 

Make a Comment
Make a Comment