අලුත් හැරී පෝටර්ට වයස 34 ක්


1,210 Views

සුප්‍රකට හැරී පෝටර් ග්‍රන්ථ මාලාවේ කතුවරිය වන ජේ.කේ රෝලිං විසින් තවත් හැරී පෝටර් කතාවක් රචනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ග්‍රන්ථ මාලාවේ එන ඩේලි ප්‍රොෆෙට් පුවත් පතෙහි වාර්තාකාරිනියක් වන රීටා ස්කීටර්විසින් පුවත් පතට රචනා කරන ලද තීරු ලිපියක් ලෙස මෙය රචනා වී ඇත.

බීබීසී පුවත් සේවය වාර්තා කරන අන්දමට ඇය මෙසේ රචනා කර ඇත්තේ ක්විඩිච්ලෝක ශූරතාවලියක් වටා ගෙතුනු වචන 1,500 කට සීමාවූ කෙටි කතාවකි.නව කෙටි කතාවෙන් හමුවන හැරී පෝටර්ගේ වයස අවුරුදු 34ක් වීමට ආසන්නවන අතර ඔහු තරඟය නැරඹීමට පැමිණෙන්නේ සිය පුතුන් දෙදෙනා සමඟයි.

රෝලිංගේ [LINK=https://www.pottermore.com/][B]www.pottermore.com[/B][/LINK] වෙබ් අඩවියට පිවිසෙන ඔබට මෙම කෙටි කතාව කියවීමේ අවස්ථාව උදාවේ.

Make a Comment
Make a Comment

  Related News