තණමල්විල වෙඩි තැබීම පවුල් ආරවුලක්


210 Views

තණමල්විල නගරයේදී ඊයේ (10) සිදුවූ වෙඩි තැබීමට හේතුව පවුල් ආරවුලක් බවට අනාවරණ වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයා මීට මාස කිහිපයකට ඉහතදී වෙඩි තැබූ පුද්ගලයාගේ පවුලේ අයෙකු ඝාතනය කර ඇති බවට චෝදනා එල්ලවී ඇති බවයි.

එමෙන්ම අවුරුදු ගණනාවක් තිස්සේ මෙම පවුල් අතර මනුෂ්‍ය ඝාතන සිදුව ඇති බව තණමල්විල ප්‍රදේශයේ උසස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළා.

ඊයේ (10) දහවල් යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයන් සිව්දෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකළ අතර, තණමල්විල - ගාමිණී පුර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි සුදුහකුරුගේ සුමිත් හෙවත් වසන්ත නමැති පුද්ගලයෙක්.

මෙම වෙඩි තැබීමෙන් 22 හැවිරිදි තවත් තරුණයෙකු තුවාල ලැබූ අතර, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.



 

Make a Comment
Make a Comment