සල්මාන් ඛාන් ඉන්දිය දේශපාලනයට


127 Views

ඉදිරියේදි පැවැත්වීමට නියමිත ඉන්දිය මහා මැතිවරණය සඳහා මේ වනවිට බොලිවුඩ් තරු රැසක් ජනතා නියෝජතයන් ලෙස නාම යෝජනා ලබා දී තිබේ. පසුගිය කාලයේ බොලිවුඩ් සිනමා නිළි මදුරි ඩික්සිත් දේශපාලනයට පිවිසෙන බවට තොරතුරු වාර්තා වුවද පසුව ඇය දේශපාලන පක්ෂ කිහිපයක් සමග කළ සාකච්ඡා අසාර්ථක වීම නිසා ඇය මෙවර තරග නොකරන බවට ඉඟි පළ විය. කෙසේ වෙතත්, ඇය මේ වනවිට පූනේ නගරය නියෝජනය කරන බවට තොරතුරු වාර්තා වේ.

කරිනා කපූර්ද මේ වනවිට ජනතා සේවයට පැමිණ තිබෙන අතර, ඇය ඉන්දීය ක්‍රොංගස් පක්ෂය නියෝජනය කරමින් බෝපාල් නගරයේදී තරග කිරිමට නියමිතය. එමෙන්ම සල්මාන් ඛාන්ද දේශපාලනයට පිවිසෙන බවට ඉඟි වාර්තා වන්නේය. ඔහු තරග කරන්නට සූදානම් වන්නේ ඉන්දෝර් නගරය නියෝජනය කරමින් බව සඳහන් වේ.

 

Make a Comment
Make a Comment

  Related News