සරාගී නිළි නර්ගිස් දෙවසරකට පසුව නැවතත් කරලියට


385 Views

ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රඟපෑ නර්ගිස් පක්රි වසර දෙකකට පසුව බොලිවුඩයේ දකින චිත්‍රපටයක් තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. ඒ බුෂාන් පටලේගේ ‘අමාවාස්’ චිත්‍රපටයයි. අත්භූත චිත්‍රපටයක් ලෙස නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නර්ගිස් හා ෂර්මන් ජෝෂි නිරූපණය කරනු ලබයි.

නර්ගිස් අවසන් වරට බොලිවුඩ් චිත්‍රපටයක දකින්නට ලැබුණේ 2016 වසරේ ජුනි 06 වැනිදා තිරගත වූ සජිද් වජිද්ගේ ‘හවුස්ෆුල්’ තුන්වැනි චිත්‍රපටයේය. කාලයක් යශ්රාජ් චිත්‍රපට සමාගමේ හිමිකරුවෙකු වන සිනමා නළු උදය චොප්රා සමගින් ප්‍රේම සම්බන්ධයක් පවත්වනට බවට තොරතුරු ලැබුණද පසුව ඇය ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු සමගින් පසුගිය වසරේ විවාහ වූ බව වාර්තා විය.

Make a Comment
Make a Comment

  Related News