නව වසර සැමරීමට රන්බීර් - ආලියා නිව්යෝර්ක් යයි


269 Views

මේ වනවිට රෝගාතුරව සිටින ජනප්‍රිය හින්දි සිනමා නළු රිෂි කපූර් සමගින් උදාවු 2019 වසර සැමරීමට රිෂි කපූර්ගේ පවුලේ සාමාජිකයන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට ගොස් ඇතැයි වාර්තා වේ. රන්බීර් සමගින් රිෂී කපූර් බැලීමට ඔහුගේ වර්තමාන පෙම්වතිය වන ආලියා භාට්ද එක්ව සිටිම විශේෂත්වයකි.

එමෙන්ම රිෂිගේ බිරිඳ නෙතු මෙන්ම දියණිය රිද්මා කපූර්ද, රිෂි සමගින් නව වසර සැමරිමට එක්ව සිටි බව සඳහන් වේ. වාර්තා වන අන්දමට ආලියා හා රන්බිර් තවත් දින කිහිපයක් නිව්යෝර්ක් නගරයේ රැඳි සිටිමට බලාපොරොත්තුවෙන් සිටින බවද දැන ගැනීමට ලැබේ.

Make a Comment
Make a Comment