විශ්ව රූ රැජින කිරුළ පිලිපීනයට


283 Views

විශ්ව රූ රැජින තරගාවලිය, 67 වැනි වරට පසුගිය 17 වැනිදා, තායිලන්තයේ නොන්තබූරි ප්‍රාන්තයේ මොන්ග් තොන්ග් තානී හි ඉම්පැක්ට් රඟහලේදී පැවැත්වුණු අතර, විශ්ව රූ රැජින ලෙස කිරුළ පැළැඳියේ පිලිපීනය නියෝජනය කළ සුරූපිනියයි. විශ්ව රූ රැජින කිරුළ පිලිපීනයට හිමිවුණු සිවුවැනි අවස්ථාව මෙයයි.

කිරුළ පැළඳි සුරූපිනිය කැට්රියෝනා ගේ‍්‍ර ය. ඇය 24 හැවිරිදි වියෙහි පසුවෙයි. ඇගේ උස අඩි 5 යි 10 කි. පිලිපීන ජාතික තරුණියක වුවත්, කැට්රියෝනා උපත ලැබුවේ  ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඞ් ප්‍රාන්තයේය. ඒ, 1994 වසරේ ජනවාරි 6 වැනිදාය.

1999 වසරේ දී පිළිපීනයේ ‘පුංචි සුරූපිනිය’ තරගයෙන් ප්‍රථම ස්ථානයත්, 2016 වසරේ දී ලෝක රූ රැජින කිරුළ සඳහා පිලිපීනය නියෝජනය කළ සුරූපිනිය වූයේත් මැයයි.

Make a Comment
Make a Comment