Trina Solar ශ්‍රී ලංකාවට Trinahome හදුන්වාදෙයි


214 Views

කොළඹ (2018 නොවැම්බර් 28) බලශක්ති විසදුම් සැපයීමෙහිලා ජාත්‍යන්තර නායකත්වය උසුලන Trinahome අද එහි සූර්ය බලශක්ති පද්ධතිය වන ඔරසබ්යදපැ ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

මෙම හදුන්වාදීම සිදු කරනුයේ නොවැම්බර් 28 - 29 දක්වා කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ දී පවත්වන Trinahome ප්‍රදර්ශනය හා සමගාමීව ය. ඔරසබ් ීදක්ර ආයතනයේ ඉහළ කළමනාකාරිත්වය මෙම ප්‍රදර්ශනය සදහා සහභාගී වේ.

ශ්‍රී ලංකාවට Trinahome හදුන්වාදීම 2050 වසරේ දී කාබන් රහිත, සම්පූර්ණයෙන්ම ප්‍රතිසම්පාදනය කළ හැකි බලශක්ති භාවිතය සදහා පරිවර්ථනය වීමේලා වූ මෙරට ජාතික ඉලක්කය හා මනාව සැසදේ යැයි ආසියානු පැසිපික් සහ මැදපෙරදිග ඡේෂ්ඨ විකුණුම් අධ්‍යක්ෂක කු ජුන් හෙයොන්ග් මහතා පැවසුවේ ය.

කු මහතා තවදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්තිය භාවිතය වර්ධනය කිරීමේ අවස්ථා රාශියක් පවතින බවට Trina Solar විශ්වාස කරන බව පැවසූවේ ය.

මෙය ළගා කර ගත හැක්කේ Trinahome වැනි බලශක්ති විසදුම් භාවිතයට යොමු වීමෙන් පමණි.

බලශක්ති වියදම අඩු කර ගැනීමට අපේක්ෂා කරන නිවෙස්වලට සහ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට Trinahome  මනාව ගැලපේ යැයි කු මහතා පැවසුවේ ය.

සූර්ය බලශක්තිය ප්‍රතිසම්පාදනය කළ හැකි සම්පතක් බැවින් එය පරිසර හිතකාමී වේ. සූර්ය බලශක්තිය මෙන් නොව ඉන්ධන සහ අගුරු වරක් දහනය කළ විට ලෝක උෂ්ණත්වය ඉහළ දැමීමට හේතු වන විෂ වායු නිකුත් කරයි. පිටරටින් ආනයනය කරන ඉන්ධන සහ අගුරු තවමත් ශ්‍රී ලංකාවේ බලශක්ති මිශ්‍රයෙන්  49% ක් නියෝජනය කරයි.

ඉන්ධන සහ අගුරු සූර්ය බලශක්තියෙන් ප්‍රතිස්ථාපනය කළ හැකි බව අපිට පැහැදිලියැයි කු මහතා පැවසුවේ ය. සූර්ය බලශක්තිය, ශ්‍රී ලංකාවේ බලශක්ති මිශ්‍රයෙන් 3% ක් පමණක් නියෝජනය කරන නමුත් ඒ සම්බන්ධයෙන් මෙරට පවත්නා අය ක්‍රමය සහ ශ=ද්ධ මානනය වැනි හිතකර ප්‍රතිපත්ති සූර්ය බලශක්තිය මෙරට ප්‍රවර්ධනය කිරීමෙහිලා අපිව උනන්දු කරවයි. මෙම හිතකර ප්‍රතිපත්ති මෙරට සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමෙහිලා ශ්‍රී ලංකා තිරසාර බලශක්ති අධිකාරිය, ශි්‍ර ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලි සමාගම යන ආයතන තුනේ හවුල් වෑයමකි.

සූර්ය බලශක්තිය කෙරේ උනන්දු කිරීම රටක පුළුල් බලශක්ති ප්‍රතිපත්ති හා සැසදෙන අතර එම ප්‍රතිපත්යන්හී ප්‍රධාන ප්‍රතිලාභ කිහිපයක් ලෙස පරිසරය සුරැකීම,  ස්වාධීනත්වය වර්ධනය කිරීම, බලශක්ති සුරක්ෂිතතාවය සහතික කිරීම සහ සැමට බලශක්තිය යනාදිය දැක්විය හැකියැයි කු මහතා පැවසුවේ ය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් මෑත දී කරන ලද අධ්‍යයනයකට අනුව 2050 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ විදුලි නිෂ්පාදනය දැන් පවත්නා 3,700MW  මට්ටමේ සිට 34,000MW  දක්වා වැඩි වන බව ඇස්තමේන්තු කර ඇත. මෙම වාර්ථාවට අනුව මෙම වැඩි වීමෙන් වැඩි ප්‍රමාණයක් සූර්ය සහ සුලං බලශක්තිය නියෝජනය කරයි.

ශ්‍රී ලංකාව සමකයට ආසන්නයෙන් පිහිටා තිබීම සහ අවුරුද්ද පුරා මෙරටට සූර්යාලෝකය ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති මිශ්‍රයේ වැදගත් කාර්යභාරයක් සූර්ය බලශක්තිය ඉටු කරනු ඇතැයි කු මහතා පැවසුවේ ය.

සූර්ය බලශක්තිය, ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ ඉලක්ක ළගා කර ගත හැකි පරිදි මනාව ස්ථාපිත කර ඇත. සූර්ය බලශක්තිය ලබා ගැනීමේ පිරිවැය පසුගිය අවුරුදු දහය පුරා ක්‍රමක්‍රමයෙන් අඩු වී ඇත. එබැවින් දැන් එය මිලදී ගත හැකි මට්ටමක පවතී'

අපිට දැන් නිවෙස්වලට සහ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට සූර්ය බලශක්ති පද්ධතිය හදුන්වාදීමට හැකි වී ඇත්තේ එබැවින් ය.  

නව තාක්ෂණයට සහ මහා පරිමාණ නිෂ්පාදනයට ස්තූතිවන්ත වන්න සූර්ය බලශක්ති පද්ධතියන්ගේ පිරිවැය අඩු වී ඇත. නමුත් පොසිල් ඉන්ධනයන්ගේ පිරිවැය අඛණ්ඩව වැඩි වෙනවායැයි කු මහතා පැවසුවේ ය.

සූර්ය බලශක්ති විසදුම් සැපයීමෙහි වෙළෙදපොළ නායකත්වය ඔරසබ්  ීදක්ර  උසුලයි. Trina  Solar   විසදුම් සපයන එකම සූර්ය බලශක්ති මොඩියුල් නිෂ්පාදකයන් වනුයේ අප ආයතනයයි. අපගේ සුවිශේෂීයත්වය වනුයේ  අපි අපේම සූර්ය කෝෂ තාක්ෂණය සංවර්ධනය කර ගෙන තිබීම ය.

අපි චීනයේ සහ ලොව පුරා අනෙකුත් රටවල්වල විශේෂඥ විද්‍යාඥයින් සමග එක්ව ක්‍රියා කරමින් සූර්ය කෝෂ තාක්ෂණය සංවර්ධනය කරන්නෙමු.

Trina Solar සිලිකන් කෝෂ කාර්යක්ෂමතාවය සහ සූර්ය බලශක්ති මොඩියුල් බල නිෂ්පාදනය සම්බන්ධයෙන් ලෝක වාර්තා 18 ක් තබා ඇත.

Trinahome යනු පරිපූර්ණ විසදුමකි. එනම් සූර්ය පැනලයන්ට අමතරව ඉනවර්ටර් , ග්‍රිඩ් බොක්ස්, මවුන්ටින් පද්ධති වැනි දෑ ද මෙහි ඇතුළත් වේ. කු මහතා පැවසුවේ ය.

මෙම සුපිරි සූර්ය කෝෂ තාක්ෂණය හා එක් කළ මනා පද්ධති සමෝධාණීකරණය සමග Trinahome විශාල බල කාර්යක්ෂමතාවයක් සපයයි යැයි කු මහතා පැවසුවේ ය.

කාලගුණයට අනුව ඔරසබ්යදපැ එක් දිනකින් සවි කළ හැකි අතර මෙරට පවතින ඕනෑම වහලවල් වර්ගයකට ගැලපේ.
සූර්ය පැනලය සහ අනෙකුත් උපාංග Trinahome  වගකීමකින් යුක්ත අතර සූර්ය පැනලය සදහා අවුරුදු 25 ක බල ක්‍රියාකාරිත්ව වගකීමක් සහිත ය.



Make a Comment
Make a Comment