
ලෝක කුසලානය දක්වා ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වය චන්දිමාල්ට
Wednesday, 26 September 2018 - 17:02

2019 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය දක්වා ශ්රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසට දිනේෂ් චන්දිමාල් කටයුතු කරන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසනවා.
එමෙන්ම එළඹෙන එංගලන්ත සංචාරයේ එක්දින සංචිතයෙන් ඇන්ජෙලෝ මැතිව්ස් ඉවත් කර ඇති බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කළේ.
මේ අතර එංගලන්ත සංචාරයේ ටෙස්ට් තරගාවලියට එක්වන ශ්රී ලංකා සංචිතය ද නම්කර තිබෙනවා.
එහි නායකයා ලෙසට දිනේෂ් චන්දිමාල් නම්කර ඇති අතර දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, රොෂේන් සිලවා සහ දිල්රුවන් පෙරේරා ඇතුලත්.
රංගන හේරත්, මලින්ද පුෂ්පකුමාර, අකිල ධනංජය, සුරංග ලක්මාල්, කසුන් රාජිත, ලහිරු කුමාර, ලක්ෂාන් සඳකැන් සහ නිරෝෂන් දික්වැල්ල ද ටෙස්ට් සංචිතයට ඇතුලත්.
අතිරේක ක්රීඩකයන් ලෙසට දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩසේ, ලහිරු තිරිමාන්න, කුසල් ජනිත් පෙරේරා සහ නිශාන් පීරිස් නම්කර තිබෙනවා.
මේ අතර ශ්රී ලංකා එංගලන්ත එක්දින තරගාවලියේ ශ්රී ලංකා සංචිතය ද නම් කෙරුනා. නායක දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, සධීර සමරවික්රම, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, දසුන් ශානක, තිසර පෙරේරා සහ අකිල ධනංජය එම සංචිතය නියෝජනය කරනවා.
දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග, අමිල අපොන්සු, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්රදීප්, කසුන් රාජිත සහ කුසල් ජනිත් පෙරේරා එක්දින සංචිතයේ සෙසු ක්රීඩකයන්.
අතිරේක ක්රීඩකයන් ලෙසට ශෙහාන් මධුෂංක, කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල් සහ ජෙෆ්රි වැන්ඩසේ නම්කර ඇති බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය කියාසිටියේ.
Related News

ශ්රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදෙයි
11 December 2019 - 11:33 am
/ Share
77 Views

සුපිරි ශුරයින් පැරදු සිංහ පැටවූන්ගේ සුපිරි විස්සයි විස්ස තරඟය
08 October 2019 - 1:08 pm
/ Share
120 Views

මෙරට ක්රිකට් ක්රීඩකයන් ලැජ්ජා විය යුතුයි - ලසිත් මාලිංග
04 June 2019 - 11:00 am
/ Share
426 Views