
දරාගත නොහැකිවූ ඇෆ්ගනිස්ථානු ක්‍රීඩකයින්ගේ පරාජයේ වේදනාව
Saturday, 22 September 2018 - 11:01

ආසියානු කුසලාන තරඟාවලියේ අබුඩාබි හිදී ඊයේ පැවති තරඟයේ දී ඇෆ්ගනිස්ථානය පරදා කඩුලු 06ක ජයක් වාර්තා කරන්නට පකිස්ථාන කණ්ඩායම සමත් වුණා.
තරඟයේ අවසන් පන්දුවාරය තෙක් ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරඟයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 50 තුල කඩුලු කඩුලු 6ක් දැවී ලකුණු 257ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම සිය ඉනිම අවසන් වීමට පන්දු 03ක් ඉතිරිව තිබියදී කඩුලු 07ක් දැවී ලකුණු 258ක් රැස්කරමින් සිය ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.
අවසන් මොහොත තෙක් සටන අත් නොහල පකිස්ථාන කණ්ඩායමේ මැදපෙළ පිතිකරු ෂොයිබ් මලික් පන්දු 43ක් තුල ලකුණු 51ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.
ඊයේ තරඟයේ පකිස්ථානට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරය තුල ලකුණු 10ක් ලබා ගැනීමට අවශ්‍යව තිබුණා.
පකිස්ථානය එම ඉලක්කය පන්දු 03ක් තුල පසුකර යාමට සමත් වූ අතර පකිස්ථාන ඉනිමේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ අෆ්තාබ් අලාම් තරඟයේ පරාජය දරාගත නොහැකිව පිටිය මැද හඬා වැටුණා.
එම අවස්ථාවේ අෆ්තාබ් අසලට පැමිණි පකිස්ථාන කණ්ඩායමේ ෂොයිබ් මලික් ඔහුව සනසන අයුරු තරඟයේ අවසානයේ සිදුවූ සුවිශේෂී සිදුවීමක් බවට පත්වූ අතර මේ වන විට ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබෙනවා.
පකිස්ථාන සිය ජයග්‍රහණය වාර්තා කළ අයුරු පහතින්.
Related News

ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදෙයි
11 December 2019 - 11:33 am
/ Share
77 Views

සුපිරි ශුරයින් පැරදු සිංහ පැටවූන්ගේ සුපිරි විස්සයි විස්ස තරඟය
08 October 2019 - 1:08 pm
/ Share
120 Views

මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් ලැජ්ජා විය යුතුයි - ලසිත් මාලිංග
04 June 2019 - 11:00 am
/ Share
426 Views