
ඇෆ්ගනිස්ථානය හමුවේ බංග්ලාදේශයටත් පරාජයක්
Friday, 21 September 2018 - 10:53

ආසියානු කුසලාන තරගාවලියේ මේ වන විට පෙරළිකාර කණ්ඩායමක් බවට පත්ව ඇති ඇෆ්ගනිස්ථානය ඊයේ (20) බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයද ජය ගැනීමට සමත්විය.
මීට පෙර ඔවුන් ශ්රී ලංකා කණ්ඩායම පරාජය කරමින් ශ්රී ලංකාව තරගාවලියෙන් ඉවත් කිරීමටද සමත්වූයේය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 7 ලකුණු 255ක් රැස්කළේය.
පන්දුවාර 40.5කදී කඩුලු 7ට ලකුණු 160ක් ලෙස දිස්වූ ඇෆ්ගනිස්ථාන ලකුණු පුවරුව 255ක් දක්වා රැගෙන යාමට අටවැනි පිතිකරු වූ ගුලාබ්ඩීන් නාබි (42*) හා රශිඩ් ඛාන් (57*) සමත්වූහ. පන්දු 55කදී ඔවුහු ලකුණු 95ක සබඳතාවක් පැවැත්වූහ.
ලකුණු 256ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 42.1කදී සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 119ක් පමණි.
Related News

ශ්රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදෙයි
11 December 2019 - 11:33 am
/ Share
77 Views

සුපිරි ශුරයින් පැරදු සිංහ පැටවූන්ගේ සුපිරි විස්සයි විස්ස තරඟය
08 October 2019 - 1:08 pm
/ Share
120 Views

මෙරට ක්රිකට් ක්රීඩකයන් ලැජ්ජා විය යුතුයි - ලසිත් මාලිංග
04 June 2019 - 11:00 am
/ Share
426 Views