
ලොවපුරා පිළිකා රෝගීන් සීග්‍ර ලෙස වැඩිවන බව පර්යේෂකයෝ
Thursday, 13 September 2018 - 9:59

ලොවපුරා මේ වනවිට පිළිකා රෝගීන් මිලියන 18.1ක් අළුතින් හඳුනාගෙන ඇතැයි පිළිකා සම්බන්ධ පර්යේෂණ කරන ජාත්‍යන්තර සංවිධානයක් වාර්තා කර ඇත.
2012 වර්ෂයේ මිලියන 14.1ක් රෝගීන් වාර්තා වී ඇති අතර එයින් මිලියන 8.1ක් මියගොස් ඇති බව සඳහන් වේ.
මෙම වාර්තා පෙන්නුම් කරන්නේ සෑම පුරුෂයන් පස් දෙනකුගෙන් එක් අයෙකුටම හා සෑම කාන්තාවන් හය දෙනෙකුගෙන් එක් අයෙකුටම පිළිකාව වැළඳීමට ඉඩ ඇති බවයි.
කෙසේ වුවද ධනවත් රටවල් සඳහා මෙහි අවදානම වැඩි බවද වාර්තාවේ සඳහන් වේ.
මේ සම්බන්ධව ඔවුන් සඳහන් කරන්නේ මෙය ජීවන රටාව හා බැඳී පවතින රෝගයක් බවයි.
ලෝකයේ රටවල් 185කින් වර්ග 36ක පිළිකා හඳුනාගෙන ඇත. මේ අතරින් පෙනහළු පිළිකා, කාන්තාවන්ගේ පියයුරු පිළිකා සහ අන්ත්‍ර පිළිකා බහුල බවද දැක්වේ.
රෝගීන් වැඩිපුරම වාර්තා වන්නේ ඇමරිකාව, හංගේරියාව, ඩෙන්මාර්කය, චීනය සහ නවසීලන්තය යන රටවල් වලයි. පිළිකා සඳහා එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ දුම්කොළ භාවිතය බව ද පර්යේෂකයෝ සඳහන් කරති.
කෙසේ වුවද මෙම වර්ෂයේ සිදුවූ මරණ වලින් හා රෝගීන් වාර්තාවීම් සම්බන්ධයෙන් ආසියාව ඉදිරියෙන් සිටින බවද පැවසේ.
Related News

මතකය අහිමිවීම මානසික රෝගයක්ද?
08 October 2019 - 1:01 pm
/ Share
231 Views

අග්න්‍යාශය පණ ගැන්වීම මාස 2න් සිදු කරන සිංහල බෙහෙත
23 September 2018 - 1:18 pm
/ Share
3,343 Views

මීපැණි වල පොඟවන ලද නෙල්ලි අනුභව කරොත් ලැබෙන විශ්මිත වාසි මෙන්න
11 September 2018 - 4:13 pm
/ Share
5,831 Views