දිරිය ව්‍යවසායකයන්ගේ හෙට දින එළිය කරන සම්පත් බැංකුවේ “සම්පත් සවිය”


554 Views

මෙරට ආර්ථිකයේ ප්‍රධානත ම කොටස්කරුවන් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හැඳින්විය හැකියි. අප රටේ පුද්ගලික අංශයේ රැකියා අතරින් 70%කට අධික ප්‍රමාණයක් අයත් වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ටයි.

මහා පරිමාණ ව්‍යාපාරිකයෙකු බිහි වීමේ පදනම වන්නේ ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව දැනුමයි. කෙසේවෙතත් නොයෙකුත්ගැටළුමධ්‍යයේමෙම ව්‍යවසායකයන් අතරමග තම ව්‍යාපාර අතහැර දමන අවස්ථා ඕනෑතරම් අපට අසන්නට ලැබී ඇත. මෙරට ජනතාවගේ ‘හෙට දින එළිය කරන’ සම්පත් බැංකුව, මෙරට ව්‍යවසායකයන්ගේ බැංකුව බව යළි-යළිත් තහවුරු කරමින් සිය සමාජසත්කාරක වැඩසටහන් මාලාව යටතේ’සම්පත් සවිය’ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන දියත් කරමින් එම ගැටළු නිරාකරණය කර ඔවුන් සාර්ථක ව්‍යවසායකයන් බවට පත්කිරීමේ භාරදුර වගකීම පෙරදැරිව කටයුතු කරයි.

දේශීයආර්ථිකයේ ජීවනාලිය බඳු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගාසිටුවීම සඳහා සම්පත් බැංකුව ක්‍රියාත්මක කරන ‘සම්පත් සවිය’ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් මාලාවේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් ‘සිංහලෙන් බිස්නස්’ ව්‍යාපාරික නායකත්ව සමුළුව පසුගියදා සාර්ථකව පැවැත්වීමට සම්පත් බැංකුව සමත්විය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නායකත්ව කුසලතා ඔප් නැංවීම, විශිෂ්ට පාරිභෝගික සේවාවක්සැපයීමසදහාමගපෙන්වීම, පෞරුෂ සංවර්ධනය, සාර්ථකව විකුණුම් සිදු කිරීම සඳහා මගපෙන්වීම සහ වැදගත් අලෙවිකරණ මූලධර්ම පැහැදිලි කිරීම මෙම සමුළුව සංවිධානය කිරීමේ මූලික අරමුණු විය.

‘සම්පත් සවිය’ වැඩසටහන මගින් ගොඩනගන ලද ව්‍යවසායකයන්ට අමතරව සම්පත් බැංකු ශාඛා ජාලයහරහා හඳුනාගත් ව්‍යවසායකයන් සහබැංකුවේ සේවා සම්පාදකයන්මෙන්ම භාණ්ඩ හා සේවා දෙඅංශයම නියෝජනය කරමින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ව්‍යාපාර සිදු කරන සහ ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තුවන ව්‍යවසායකයෝ 200කට අධික පිරිසක්කොළඹ පැවති මෙම සමුළුව සඳහා සහභාගී වූහ. සම්පත් බැංකුවේGreen Inventor වැඩසටහනයටතේබිහිකරනලදහරිත නිපැයුම්කරුවන්, ව්‍යාපාරික ක්ෂේත්‍රය පිළිබඳ ඇල්මක් ඇති සරසවි සිසුන්, විශේෂ අවශ්‍යතා සහිතව්‍යවසායකයන්, කාන්තා ව්‍යවසායකයන්, තරුණ ව්‍යවසායකයන් මෙන්ම fcaHIaGපුරවැසි ව්‍යවසායකයන් ද එම පිරිස අතර විය.

ව්‍යවසාය ක්ෂේත්‍රයේ සාර්ථකත්වය ළඟා කර ගැනීමට අවශ්‍ය සෑම අංශයක් ම පාහේ ආවරණය කරමින් නායකත්වය හා කළමනාකරණය, විකුණුම්කරණය හා අලෙවිකරණයසහමනෝවිද්‍යාත්මක පැතිකඩ යන ප්‍රධාන අංශ තුන ඔස්සේ මෙමසමුළුව පැවැත්විණි. නායකත්වය හා කළමනාකරණය අංශය යටතේ ව්‍යාපාරයේ අනාගත දැක්ම සකස් කර ගැනීම, ව්‍යාපාරයට බාහිර සහ අභ්‍යන්තර වශයෙන් ඇතිවිය හැකි බලපෑම් හදුනාගැනීමආදී ක්ෂේත්‍ර මෙමගින් ආවරණය කෙරුණු අතර,විකුණුම්කරණය හා අලෙවිකරණය අංශය යටතේ පාරිභෝගිකයන් රඳවා තබා ගැනීම, භාණ්ඩයේහෝසේවාවේනිසිප්‍රමිතිය පවත්වා ගැනීම, පාරිභෝගික අවශ්‍යතා හඳුනා ගැනීම මෙන්ම ව්‍යාපාරයට ක්‍රමෝපායික සැලසුමක් සකස්කර ගැනීම පිළිබඳව දසාකච්ඡා කෙරිණි. තමන් පිළිබඳ ධනාත්මක ආකල්ප ගොඩනැගීම, තම හැකියාවන් පිළිබඳ තක්සේරුව සහ ‘ඔව් මට පුළුවන්’ යන ධනාත්මක ආකල්පය ගොඩනැගීම මනෝවිද්‍යාත්මක පැතිකඩ ඔස්සේ සිදු කෙරිණි.

සම්පත් බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ප්‍රවීණ කළමනාකරණ උපදේශකයෙකුවන දීපාල් සූරියආරච්චි, ලෝක බැංකුවේ හිටපු උපදේශක හා ව්‍යවසාය සංවර්ධන හා මනෝවිද්‍යා පුහුණු උපදේශක චන්දන ගුණවර්ධන, යූනියන් ඇෂුවරන්ස් රක්ෂණ සමාගමේ හිටපු පුහුණු කිරීම් හා සංවර්ධන අංශ ප්‍රධානී සුරංජිත් ගොඩගම යන ප්‍රවීණ දේශක මඬුල්ල මෙම සමුළුව මෙහෙයවූහ.

වැඩසටහන අවසානයේ රැස්ව සිටි පිරිසගේ ව්‍යවසායකත්ව ගැටළු රැසකට පිළිතුරු ලබාදීම සදහා විද්වත් මඩුල්ලකින් සැදුම්ලත් පිරිසකගේ සහභාගිත්වයෙන් ප්‍රශ්න පිළිතුරු සාකච්ඡා වටයක්ද පැවැත්විණි. සුළුවෙන් පටන්ගෙන ව්‍යාපාරික ලෝකයේ ඉහළට ම ගමන් කළ සන්නාම උදාහරණ ලෙස ගෙන ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කිරීම මෙම සමුළුවේ තවත් විශේෂත්වයකි. ව්‍යාපාරය ගොඩනැගීමට අමතරව ව්‍යාපාරය වෙනුවෙන් පවුලේ ඉලක්ක සකසා ගැනීම, විවේකය කළමනාකරණය කර ගැනීම වැනි ව්‍යවසායකයන්ගේ සංවේදී පැතිකඩ ද මෙහිදී ආවරණය කෙරුණු බැවින් රැස්ව සිටි පිරිසගේ නොමඳ ආකර්ෂණය දිනාගනිමින් සමුළුව අතිසාර්ථකව නිමාවට පත්විය.

සම්පත් බැංකුවේ සමාජ සත්කාරක මෙහෙවරේ තවත් එක් පියවරක් ලෙස, ‘සම්පත් සවිය’ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන මගින් සවිබලගැන්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට වෙළෙඳපල අවස්ථා සැලසීමේ අරමුණින් යුතුව සම්පත් බැංකුව පසුගිය වසරේදී’ සවියක අභිමන්’ නමින් වෙළෙඳ ප්‍රදර්ශනයක් ද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සංවිධානය කළේය.

ව්‍යවසායකයන් 70කට අධික පිරිසකගේ වෙළෙඳකුටිවලින් සමන්විත වූ මෙම වෙළෙඳ ප්‍රදර්ශනය ව්‍යවසායකයන් හට නව වෙළෙඳපල අවස්ථාහිමිකර ගැනීමටත්, පුළුල් සබඳතා ජාලයක් ගොඩනගා ගැනීමටත් මනා තෝතැන්නක් බවට පත්විය. තවද, නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන් පසුවන පිරිසට ද අවශ්‍ය දැනුම හා සේවා ලබාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, අපනයන සංවර්ධන මණ්ඩලය, CEFE NET ශ්‍රී ලංකා ආයතනය මෙන්ම ජාතික වාණිජ මණ්ඩලය ද මෙම ප්‍රදර්ශනය සමග අත්වැල් බැඳ ගැනීම විශේෂත්වයකි.

රටකජාතික සම්පත්වන දේශීය ව්‍යවසායකයන්ට සාර්ථකත්වයේ මග විවර කරමින් දේශීයආර්ථිකය සවිබල ගැන්වීම සඳහා දියත් කරන මෙම ජාතික මෙහෙවර අඛණ්ඩව ඉදිරියට පවත්වාගැනීම ව්‍යවසායකයන්ගේ බැංකුවලෙස සම්පත් බැංකුවේ ඒකායන අරමුණයි.

Make a Comment
Make a Comment