කෝලි වීරයා වෙමින් ඉන්දියාව දිනවයි


199 Views

එංගලන්තය සමග තරග පහකින් සමන්විත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලියේ තෙවැනි තරගයේදී ආධි පත්‍ය පැතිර වූ අංක එකේ ටෙස්‌ට්‌ කණ්‌ඩායම වන ඉන්දියාව එම තරගය ලකුණු 203 කින් ජය ගැනීමට ඊයේ (22 ) සමත් විය. ඒ අනුව තරගාවලියේ පළමු ජය ඉන්දියාව සතු වුවද සත්කාරක එංගලන්තය 2-1 ක්‌ ලෙස පෙරමුණ ගෙන සිටියි.
 
 පිට පිටම තරග දෙකක්‌ පරාජය වීමෙන් පසුව තෙවැනි තරගය ජය ගෙන තරගාවලියට පිවිසෙන බව ඉන්දියානු නායක විරාට්‌ කෝලි පැවසූ පරිදි ඔහු පළමු ඉනිමේදී ලකුණු 97 ක්‌ සහ දෙවැනි ඉනිමේදී ලකුණු 103 ක්‌ ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
 
 ලකුණු 521 ක ජයග්‍රාහී ඉලක්‌කයක්‌ හඹා ගිය එංගලන්තය වෙනුවෙන් සාර්ථක පිති ප්‍රහාරයක්‌ දියත් කිරීමට ජොස්‌ බට්‌ලර් (106) සහ බෙන් ස්‌ටොක්‌ස්‌ (62) සමත් වුවද සෙසු පිතිකරුවන් භුම්රා ඇතුළු ඉන්දීය පන්දු යවන්නන්ට ගොදුරු වීමෙන් ඔවුන්ට පරාජය වැළඳ ගැනීමට සිදුවිය.
 
 ජස්‌ප්‍රිට්‌ භුම්රා පන්දු ඕවර 29 ක්‌ යවමින් ලකුණු 85 කට කඩුලු පහක්‌ ඩැහැ ගත් අතර ඉෂාන්ත් ෂර්මා කඩුලු දෙකක්‌ බිඳ දැමීය. අශ්වින්, ෂාමි සහ පාණ්‌ඩයා එක්‌ කඩුල්ල බැගින් දවා ගනිමින් එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 317 කට සීමා කර දැමූහ.

Make a Comment
Make a Comment