ශ්‍රී ලංකා ක්‍රිකට් T20 ක්‍රිකට් තරඟාවලියට එන සුපිරි කණ්ඩායම් හතර මෙන්න


258 Views

ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ පළමු මාධ්‍ය හමුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (17) කොළඹදී පැවැත්වුනා.

එම තරඟාවලිය අගෝස්තු 21 වනදා කොළඹ R ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට හිමිවන මුදල් පිළිබඳව ද දැනුවත් කෙරුනා.

ඒ අනුව මෙම තරඟාවලියේ ශූරයන්ට රුපියල් මිලියන දෙකක මුදලක් පිරිනැමෙනු ඇති.

එම තරඟාවලියේ අනු ශූරයන්ට රුපියල් මිලියන 1.5ක මුදලක් පිරිනැමීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර මෙම තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු විවේක ගන්වා තිබීම විශේෂත්වයක්.

මෙම තරඟාවලිය දඹුල්ල, පල්ලෙකැලේ සහ කොළඹ R ප්‍රේමදාස ක්‍රීඩාංගණවලදීයි පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

Make a Comment
Make a Comment