ගර්භණි සමයේදී කාන්තාවකට ඇවිදීමෙන් ගත හැකි වාසි


461 Views

ගර්භණි සමයේදී කාන්තාවකට ඇවිදීමෙන් ගත හැකි වාසි

ගර්භණි සමයේදී සිටින මවක් ඇවිදීමෙන් ඇයගේ සිරුර ක්‍රියාශීලි වීම මෙන්ම කායික යෝග්‍යතාවය රැක දීම සහ ශරීරයට අවශ්‍ය ව්‍යායාම සිදු කිරීම වැනි වාසි ලබා ගත හැකිය . තවදුරටත් එය හදවතේ රුධිර සංසරණය ප්‍රාණවත් කර, මාංශ පේශි වල සවිමත් බව රැක දීම සහ මවගේ සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීම යන ක්‍රියාවන් මේ ඇවිදීමේ හොඳ පුරුද්දට ලබා දිය හැකියි.

දියවැඩියා අවධානම අවම කිරීම 

ගර්භණි සමයේ රුධිරගත සීනි මට්ටම ඉහල ගිය හොත්, දෙවන මට්ටමේ දියවැඩියාව වැළඳීමට ඉඩ තිබෙන බැවින් එය මවටත් දරුවටත් යන දෙපලටම දැඩිව බල පෑ හැකිය .එම නිසා දරුවා ස්නායු අබාධ වලට ලක් වීම, දරුවාගේ ප්‍රමාණය විශාල වීම, දරුවා අංග විකලතා සහිතව උපත ලැබීම වැනි තත්වයන් ඇති වීමට පුළුවනි .නමුත් ගර්භණි සමයේ දී ඇවිදීමෙන් මෙම අවධානම අඩු කර ගත හැකිය .

නිරෝගී දරුවෙක් ලැබීම

ගර්භණි සමයේ දී ඇවිදීම මගින් මව සහ දරුවාගේ ශරීරයේ බර නිසි මට්ටමකට තියා ගැනිමට පහසු වෙනවා .එමගින් නිරෝගී ,පිරිපුන් දරුවකු ලබා ගැනීමට පුළුවන් වෙනවා.

මානසික පීඩනය අවම වීම 

ගර්භණි සමයේ දී මානසික පීඩනය ඇති වීම යනු සාමාන්‍ය දෙයකි. ගර්භණි කාන්තාවකගේ මනෝභාවය වරින් වර වෙනස් වන බැවින් එක මොහොතක සතුටින් සිට තව මොහොතක මනසින් කඩා වැටීමටද පුළුවනි .මෙලෙස ගර්භණි කන්තාවකට සිදු වන්නේ ඇගේ ශරීරයේ හෝමෝන වෙනස් වීමත් සමඟයි.
එම නිසා ඇවිදීම මගින් ඇයව උද්දීපනය කර හෝමෝන වර්ග සිරුරට මුදා හැර ඇගේ සිතේ තිබෙන පීඩාකාරී සිතුවිලි නැති කර දමනවා .

වලිප්පු අවධානම අඩු කිරීම 

ඇතැම් මවුවරුන්ට මුත්‍රා වල ප්‍රෝටීන් අඩංගු වීමත්, රුධිර පීඩනය ඉහල යාමත් සිදුවන බැවින් ගැබිණි සමයේ වලිප්පු රෝගය සැදීමට හැකියාවක් පවතිනවා. .නමුත් ඇවිදීම මගින් සිරුරේ බර පාලනය වීම, රුධිර පීඩනය පාලනය වීම, සිරුරේ මේද ප්‍රමාණය අවම වීම වැනි වාසි රැසක් ඇති වී ගැබිණි සමයේ ඇති විය හැකි වලිප්පු අවදානම අඩු කරනවා.

ස්වභාවික දරු උපතක් සිදුවීමේ සම්භාවිතාව ඉහළ යාම

ගර්භණි කාන්තාවක් උදෑසන ඇවිදීම මගින් ස්වභාවික සහ වේදනා අවම දරු උපතක් සිදු වීමේ වැඩි සම්භාවිතාවක් ඇති වෙනවා.මෙමගින් උකුලේ පිහිටි මාංශ පේශි වල නම්‍යතාවය ඉහළ ගොස් ඇගේ සිරුරට නියමිත හැඩයක් ලැබි ඇයට නිරෝගී ප්‍රසුතියක් සඳහා සුදුසුකම් ලබා දෙනවා.

සිරුරේ වේදනාවන් සහ අපහසුතාවයන් අවම කිරීම

ගර්භණි කාන්තාවක් ක්‍රියාශීලි නොවූ විට ඇයට නොයෙක් වේදනාවන් සහ අපහසුතාවයන් ඇති වෙනවා .එමගින් ඇවිදීම මගින් සිරුරේ ඇතිවන වේදනාවන් සහ අපහසුතාවයන් අවම කර ගැනීමට පුළුවන් .

ගර්භණි කාන්තාවක් ඇවිදිය යුතු කාලය
ඔබ ගැබ් ගැනීමට පෙර කාලයේ සිටම ඇවිදීමට හුරු වී ඇත්නම් එය දිගටම කරගෙන යන්න.නමුත් ඔබ තවමත් ඇවිදීමට හුරු වී නොමැතිනම් සතියට දවස් 3ක් විනාඩි 15 – 30 අතර කාලයක් ඒ සඳහා වෙන් කරන්න. ක්‍රම ක්‍රමයෙන් විනාඩි 60ක් වන තෙක් එය වැඩි කරන්න.

අනිකුත් ප්‍රයෝජන

ගර්භණි කාන්තාවක් ඇවිදීම මගින් ඇයට තෙහෙට්ටුව, කෙණ්ඩා පෙරලීම, උදෑසන අප්‍රසන්නතාවය, මලබද්ධය, නහර ගැට ගැසීම, රාත්‍රියේදී නින්ද නොයෑම වැනි ප්‍රශ්න රැසක් විසදාගැනීමට හැකිවෙනවා .




.









Make a Comment
Make a Comment

  Related News