නවීන Nokia 8110 හදුන්වා දෙයි


414 Views

Nokia ජංගම දුරකථන වල නිවහන වන HMD Global, ලොව ප්‍රකට Nokia 8110 දුරකථන මාදිලිය 4G තාක්ෂණය සමග නැවත හඳුන්වාදෙනු ලැබීය.

පරිශීලකයන් අතර ප්‍රචලිත වූ එහි වක්‍ර ස්ලයිඩර් නිමාව එලෙසින්ම රැකගනිමින් මෙම ජංගම දුරකථන කරලියට එන්නේ විනෝදයට මුල් තැනදෙන අතරම ස්මාට්ෆෝන් එකක තිබෙන අත්‍යාවශ්‍ය විශේෂාංග ඔබට ඕනෑම වෙලාවක අත්විඳීමේ හැකියාව ලබාදෙමින්ය.

මෙම ජංගම දුරකථනයේ Qualcomm® 205 ජංගම දුරකථන ප්ලැට්ෆෝම් එක වේගවත් අත්දැකීමක් ඔබ වෙත ගෙන එන්නේ බැටරි ආයුකාලයට කිසිම බලපෑමක් ඇති නොකරමින්ය. එක්වරක් චාජ් කිරීමෙන් පසුද වස් 25 ක ඇදහිය නොහැකි ස්ටෑන්ඩ්බයි කාලයක් මෙමගින් හිමිවේ.

HMD හි ශ්‍රී ලංකා අලෙවි අංශයේ ප්‍රධානී ගයාන් විජේතිලක මහතා මෙසේ අදහස් පළ කළේය. ”ලංකාවේ ජංගම දුරකථන භාවිතය සියයට 120 කටත් වඩා වැඩි තත්ත්වයක පවතිනවා. ජනගහණයෙන් වැඩි කොටසක් ජංගම දුරකථන/ සිම් එකකට වැඩි ප්‍රමාණයක් භාවිතා කරනවා. ලාංකිකයන් බෙහෝ දෙනෙක් ජංගම දුරකථන දෙකක් පාවිච්චි කිරීමේ වැඩි ප්‍රවණතාවයක් දැන් අපට පෙනෙනවා. බොහෝ වෙලාවට මේඅය විශේෂාංග දුරකථනයක් තමන්ගේ දෙවැනි දුරකථනය විදියට හෝ ඇමතුම් සහ SMS සඳහා තමන්ගේ ප්‍රධාන දුරකථනය විදියටත් භාවිතා කරනවා. විශේෂාංග දුරකථන වල ඉතා දීර්ඝ බැටරි ආයුකාලය නිසා දුරකථන ඇමතුම් සහ SMS කිසිම බාධාවකින් තොරව දිගු කාලයක් පාවිච්චිකිරීමට හැකියාව ලැබීම මේ සඳහා ප්‍රධාන හේතුවක්. මුලින් පැමිණි Nokia 8110 මාදිලිය ලෝකයේ වැඩියෙන්ම අලෙවි වූජංගම දුරකථනයක්. මෙය කලින් භාවිතා කළඅය වගේම අලූත්පරපුරත් මේ දුරකථනයේ සරල සුගම අපූර්වත්වයට කැමැත්තක් දක්වනවා”

Nokia 8110 දුරකථනය කළු සහ කහ පැහැති වර්ණ දෙකකින් ලබා ගැනීමට හැකි අතර මිල රු. 12,490 සිට ඉහලට පවතී.

Make a Comment
Make a Comment