බ්‍රවුන්ස් සමාගමේ ජෙනරල් ට්‍රේඩින් අංශය නව ප්‍රධාන ප්‍රදර්ශනාගාරයක් විවෘත කරයි


377 Views

ලොව උසස්ම ප්‍රමිතියෙන් යුත් ඉදිකිරීම් හා නඩත්තු සේවා යන්ත්‍රෝපකරණ මෙරටට හඳුන්වා දීමේ ප්‍රමුඛයන් වන බ්‍රවුන්ස් සමාගමේ ජෙනරල් ට්‍රේඩින් අංශය (Browns General Trading Division)  සිය නව ප්‍රධාන ප්‍රදර්ශනාගාරය කොළඹදී විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම නව ප්‍රදර්ශනාගාරය තුළදී පාරිභෝගිකයන්ට ලොව ජනප්‍රිය සන්නාමයන්ට අයත් විදුලි බල මෙවලම් හා ආම්පන්න සහ තවත් නිෂ්පාදන රාශියක් මිලදීගැනීමේ හැකියාව ලැඛෙනු ඇත.

අතිනවීන පහසුකම් වලින් සමන්විත මෙම නව ප්‍රදර්ශනාගාරය අංක 223, ටී. බී. ජයා මාවත (ඩාර්ලි පාර), කොළඹ 10 යන ලිපිනයේ පිහිටා ඇත. සතියේ දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වාත්, සෙනසුරාදා දින පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වාත් එය විවෘතව පවතී.

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ඉදිකිරීම් හා නඩත්තු සේවා යන්ත්‍රෝපකරණ මිලදීගැනීමේදී මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් හා ආයතන වල මෙන්ම සෙසු පාරිභෝගිකයන්ගේද ප්‍රමුඛතම තේරීම බවට පත්වීමට බ්‍රවුන්ස් සමාගමේ ජෙනරල් ටේ්‍රඩින් අංශය සමත් වී ඇත. මේ ආකාරයට උසස්ම ප්‍රමිතියෙන් යුත් බල මෙවලම්, ඉංජිනේරු උපකරණ සහ අනෙකුත් එවැනි නිෂ්පාදන මෙරට වෙළඳපොළට වැඩිවැඩියෙන් හඳුන්වා දෙමින් තම පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට තලයේ සේවාවක් සැලසීම සඳහා දරන නිරන්තර උත්සාහයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වශයෙන් මෙම නව ප්‍රධාන ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමට එම සමාගම කටයුතු කර තිබේ.

ඉහළම තලයේ ජපන් තාක්ෂණය සමගින් නිපදවෙන අතිනවීන Makita බල මෙවලම් මාදිලි පෙළ සඳහා මෙරට එකම නියෝජිතයන් වශයෙන් කටයුතු කරනුයේ බ්‍රවුන්ස් සහ සමාගමයි. නව ප්‍රදර්ශනාගාරය තුළදී පාරිභෝගිකයන්ට පුළුල් පරාසයක පැතිරුණු, අතිනවීන ඵ්නසඒ බල මෙවලම් නිෂ්පාදන රාශියක් මිලදීගත හැකි වේ. එමෙන්ම පිලිපීනයේ Makita කටින් වීල්, එක්සත් රාජධානියේ Tailin සහ අනෙකුත් ආම්පන්න, මේසන් වැඩ, වඩු වැඩ සහ ගෙවතු වගාවන් සඳහා අවශ්‍ය වන  ) Spear & Jackson විදුලි ජනක යන්ත්‍ර, ලොව සුප්‍රසිද්ධ Hyundai යන්ත්‍රෝපකරණ සහ න‍ණ සමාගමේ නිෂ්පාදන රාශියක් ඇතුළු තවත් උපකරණ, ආයුධ හා ආම්පන්න රැසක් මෙම ප්‍රදර්ශනාගාරය තුළදී පාරිභෝගිකයන්ට දැකබලාගත හැක. මීට අමතරව මේසන් වැඩ, වඩු වැඩ, වගා කටයුතු වැනි බොහෝ කර්මාන්ත සඳහා අවශ්‍ය තවත් උපකරණ රාශියක්ද බ්‍රවුන්ස් සමාගමේ ජෙනරල් ටේ්‍රඩින් අංශයේ නව ප්‍රධාන ප්‍රදර්ශනාගාරය තුළ අලෙවිය සඳහා තබා තිබේ.

අපගේ පාරිභෝගිකයන්ට අවශ්‍ය භාණ්ඩ පහසුවෙන් මිලදීගත හැකිවන ආකාරයට සහ ඔවුන්ට විශිෂ්ට සේවාවක් හිමිවන ආකාරයට නව ප්‍රදර්ශනාගාරය සැලසුම් කර තිඛෙනවා. මනාව පුහුණුව ලැබූ අපගේ කාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතිව, ලොව ඉහළම තලයේ සන්නාම වලින් පැමිණෙන උපකරණ හා උපාංග පරීක්ෂා කර බලා, තමන්ගේ අවශ්‍යතාවන්ට නිවැරදිව ගැළපෙන නිෂ්පාදන පිළිබඳව දැනුවත් වී, ඒවා මිලදීගැනීමට මෙහිදී අවස්ථාව හිමිවීම විශේෂත්වයක්.˜ බ්‍රවුන්ස් සමාගමේ ජෙනරල් ටේ්‍රඩින් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී පියල් පතිරණ මහතා පැවසී ය.  

Makita සමාගමේ කළමනාකර අධ්‍යක්ෂ ෆූජි කොටාරෝ මහතා මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය. එහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවට ඵ්නසඒ නිෂ්පාදන හඳුන්වා දීම සඳහා බ්‍රවුන්ස් සමාගම වැනි, දීර්ඝ හා ප්‍රෞඪ ඉතිහාසයක් සහිත සමාගමක් සමග අත්වැල් බැඳගැනීමට ලැබීම ගෞරවයක් ලෙස තමන් සලකන බවයි.

බ්‍රවුන්ස් සමාගම මේ ආකාරයට කොළඹ ප්‍රදේශය තුළ නව ප්‍රදර්ශනාගාරයක් විවෘත කිරීම අපට විශාල සතුටක්. පාරිභෝගිකයන්ට ඉතාම සුහදශීලී අත්දැකීමක් ලැඛෙන ආකාරයට නව ප්‍රදර්ශනාගාරය සැලසුම් කර තිඛෙන අතර, තත්ත්වයෙන් උසස් සේවාවක් ලබාදීම සඳහා ඵ්නසඒ මවු සමාගමෙන් පුහුණුව ලත් සේවක මණ්ඩලයක් එයට අනියුක්ත කර තිඛෙනවා. මෙම ප්‍රදර්ශනාගාරය ඵ්නසඒ සන්නාමයේ ජනපි්‍රයත්වය වැඩිකිරීමටත් උපකාරී වනු ඇති බවට සැකයක් නැහැ. එමෙන්ම බ්‍රවුන්ස් සමාගමේ අනාගත සාර්ථකත්වය වෙනුවෙන් සුභ පැතීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.˜  ෆූජි කොටාරෝ මහතා වැඩිදුරටත් පැවසී ය.
ඉදිකිරීම් හා බැඳුණු තවත් කර්මාන්ත රාශියක් සඳහා අවශ්‍ය උපකරණ හා උපාංග ගෙන්වා ඛෙදාහරිමින් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හා අනෙකුත් කර්මාන්ත රාශියක ප්‍රධාන පෙළේ සැපයුම්කරුවෙකු බවට පත්වීමට බ්‍රවුන්ස් සමාගමේ ජෙනරල් ටේ්‍රඩින් අංශය මේ වනවිට සමත් වී ඇත. ඒ අනුව බල මෙවලම් වර්ග හා උපාංග, ගෙවතු උපකරණ, විදුලි ජනක යන්ත්‍ර මෙන්ම තවත් යන්ත්‍රෝපකරණ රාශියක්, බ්‍රවුන්ස් සමාගමේ ශතවර්ෂයකට අධික පළපුරුද්දේ විශ්වාසය සමගින් එකම වහලක් යටදී මිලදීගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදා වී තිබේ.   


බ්‍රවුන්ස් සහ සමාගමේ අධ්‍යක්ෂිකා කල්ෂා අමරසිංහ මහත්මිය, ජෙනරල් ටේ්‍රඩින් අංශයේ නිෂ්පාදන කළමනාකරු රුවන් කොඩිසිංහ මහතා, ඵ්නසඒ ීසබට්චදරු (පුද්.) සමාගමේ කළමනාකර අධ්‍යක්ෂ ෆූජි කොටාරෝ මහතා, බ්‍රවුන්ස් සමාගමේ ජෙනරල් ටේ්‍රඩින් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී පියල් පතිරණ මහතා සහ එම අංශයේ සහකාර කළමනාකරු (මෙහෙයුම්) ලලීන් ප්‍රනාන්දු මහතා නව ප්‍රදර්ශනාගාරය විවෘත කළ අවස්ථාවේදී

Make a Comment
Make a Comment