ඉන්දියානු රූපවාහිනි වැඩසටහනකදි පෞද්ගලික ජීවිතය ගැනත් හින්දි සිනමාව ගැන සල්මන් කියයි.


711 Views

ඉන්දියාවේ සුපිරි තරුවක් වූ සල්මන් ඛාන් බොලිවුඩයේ වඩාත් කතාබහට ලක්වන චරිතයකි ඔහු රූපවාහිනි වැඩසටහනකදි පෞද්ගලික ජීවිතය ගැනත් හින්දි සිනමාව ගැනත්
ප්‍රකාශ කර ඇත.

මේ වැඩසටහනට ඔබව එක්කරගන්න අපි හුගක් උත්සාහ කළා.ඒත් ඔබ එය ප්‍රතික්ෂේප කළා කිහිප වතාවක්.ඇයි ඒ?
මේක මහා නීරස වැඩසටහනක්.අහන්නෙ මහ ජරා ප්‍රශ්න.විවාහය,පෙම්වතියෝ,ප්‍රේම සම්බන්ධතා බිඳවැටීම් වගේ දේවල්.

විවාහය ගැන අහද්දි තරහා යන්නෙ ඇයි?
මේ වැඩසටහන හරියට නිදන කාමරයක් වගේ.ඒකෙ වෙන දේවල්මයි අහන්නෙ.ඔයාට ඕන නිසා ඔයා විවාහ වුණා.මට ඕනේ නම් මම විවාහ වෙනවා.මොකක්ද ඕකේ තියෙන විශේෂත්වය.

වැදගත්ම ප්‍රශ්නයක්..ඔබට විවාහ වෙන්න ඕනේද?
අවශ්‍ය වුණු වෙලාවල් තිබුණා..විවාහය ළගටම ගියා.ඒත් සිදුවුණේ නැහැ.

විවාහයට අවශ්‍ය කෙනා හමුවුණේ නැද්ද?
හරියටම ගැලපෙන අය ගොඩක් මුණගැහුණා.ඒත් මිනිස්සු ඒක වැලැක්වුවා.මේ මගේ ජීවිතයේ හැටි වෙන්න ඇති.

විවාහය ළඟටම ආව කෙනෙක්.?
කිහිප දෙනෙක්ම ආවා..එක්කෙනෙක් සංගීතා.

ඔයාට මේ අයව හොඳට අල්ලගන්න බැරිවුණා නේද?
නෑ..මම හොඳට ඇල්ලුවා..ඒත් ඇත්තටම මම හරි මෝඩයි.මම කැමති නැහැ බොරු කියලා සම්බන්ධතාවක් පවත්වාගෙන යන්න.කියන්න තියෙන දේ මම කෙළින්ම කියනවා.හුඟක් අය මේ විදිහට කැමති නැහැ.

ඔබ කාන්තාවන් ඇසුරු කිරීම ගැන මිනිස්සු බොහෝ දේ කියනවා?
මම කාන්තාවන් ඇසුරු කරන්නෙ ලාභ ප්‍රයෝජන බලාගෙන නෙමෙයි.මාත් එක්ක යාළු වෙන කෙල්ලට මම මුලින්ම කියනවා ඔයාව කසාද බඳින්නෙ නෑ කියලා.ඊට පස්සෙ අපි ආශ්‍රය කරනවා.බඳින්න හිතුනු අයට මම කියනවා මට ඔයාව කසාද බඳින්න ඕනේ කියලා.

ඒ කියන්නෙ ඔබ තවම කුමර බඹසර රකින්නෙක් කියලද?
ඒක වෙන කතාවක්.මට පෙම්වතියක් නැහැ.යාළුවෝ ඉන්නවා.එකට අත් අල්ලගෙන ඉන්නවා.කරට අත දාගෙන පාරේ යනවා.එක පිහිණුම් තටාකෙක නානවා.මිනිස්සු හිතන්නෙ අපි පෙම් කරනවා කියලා.ඒක මෝඩ අහසක්.

ඔබට ඔවුන් සමග ලිංගික ඇසුරක් තිබිලා නැද්ද?
ඒක තමයි මම කිව්වෙ.තිබිලා තියෙනවා.මම ඒවා ලෝකෙට කියන්නෙ නැහැ.නමුත් හුඟක් අය ලෝකයට කියනවා එයාලා යාළුවෝ විතරයි එහෙම දෙයක් නෑ කයලා.ඇත්තටම එයාලා යාළුවෝ නෙමෙයි.

ඔබ ඔබගැනම හිතන්නෙ කොහොමද?
මම විශිෂ්ටයෙක්.

මේ දේවල් ගැන ඔබේ අදහස.
මිනිසෙකු වීම - මහන්සි වී වැඩ කරන්න වෙනව.
විවාහය - දෙවියන්ගේ තැග්ගක්,සම්මානයක්.
සිනමා තිරයේ සිපගැනීම - කිසිම සතුටක් නැහැ.

නින්දෙන් අවදි වෙනකොට ඔබ මේ අතරින් කෙනෙක් වෙලා හිටියොත් මොනවද කියන්නෙ?
කත්‍රිනා කායිෆ් - කෝ මේ රන්බීර්?
සන්ජේ බන්සාලි - කරන් ජෙහාර් කෝ? ඊයේ රෑත් පාටියකදි හමුවුණානේ.
අමීර් ඛාන් - මේ මොකක්ද වුන අපරාදේ
ෂාරුක් ඛාන් - අපරාදේ සල්මන් ඛාන් වෙන්න කොච්චර මහන්සි වුණාද
රන්බීර් කපූර් - සල්මන් කොච්චර වාසනාවන්තද

මේ අය සිනමාවට ආවේ නැත්තං මොනවා කරාවිද?
ප්‍රියංකා චොප්රා - හොඳ ගෘහණියක්..ඇය ඉතා හොඳ බිරියක්.
රිතික් රෝෂන් - නර්තන ශිල්පියෙක්. හොඳටම නටනවා.
දීපිකා පදුකෝන් - ගායන ශිල්පිනියක්.ඇයට හොඳට ගයන්න පුළුවන්.
සොනක්ෂි - දේශපාලන හෝ විලාසිතා නිර්මාණය කරයි.

ඔබට තියෙන නරකම සහ හොඳම ගුණාංග මොනවද?
හැම දෙයක් ගැනම කරදර වෙන එක තමයි හොඳම.සමහර දේවල් ගැන කරදර නොවෙන එක තමයි නරකම.

මේ අයට ඔබ දෙන අවවාදය මොකක්ද?
රන්බීර් - හොඳට විනෝද වෙන්න.
කත්‍රිනා - වැඩිය විනෝදයට බරවෙන්න එපා.
රිතික් - හැමදේම පාවිච්චි කරන්න.

මේ තුන් දෙනාගෙන් විවාහ වෙන්න කැමති කාවද?
ප්‍රීති සින්ටා,කත්‍රිනා,ප්‍රියංකා
විවාහ වෙන්න කැමති ප්‍රීති සින්ටාව. කත්‍රිනා,ප්‍රියංකා යාළුවෝ.

අනාගතයේදී හොඳම නළුවා වන්නෙ කවුද?
ආදිත්‍ය රෝයි,සිද්ධාර්ත්,වරුන් තුන් දෙනාම.

අනාගතයේ හොඳම නිළිය?
දීපිකා පදුකෝන්.

ඔබ මත්ද්‍රව්‍ය ගන්නවද?
නැහැ. කවදාවත් නැහැ..හැබැයි බොනවා.

වඩාත් ආකර්ශනීය නිළිය?
ඓයිෂ්වර්යා සහ කත්‍රිනා

කැමතිම නිළිය?
දීපිකා.ඇය ඉතා වෙහෙස වී වැඩ කරනවා.100% කැප වෙනවා තමන් කරන වැඩේට.








Make a Comment
Make a Comment

  Related News