චාවකච්චේරියේ ගසක් කඩා වැටී පුද්ගලයෙකු මරුට


411 Views

ඊයේ පැවති අධික වර්ෂාව සහ සුළග හේතුවෙන් චාවකච්චේරිය - සප්පච්චිමාවඩි ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය පශු වෛද්‍ය ආයතනයේ සේවය කරන 30 හැවිරිදි පුද්ගලයෙක්.

ගස කඩා වැටීමෙන් හිසට සිදුවූ බරපතල හානි ඔහුගේ මරණයට හේතුවී ඇති අතර, මළ සිරුර ඥාතීන්ට භාරදීමට කටයුතු කර ඇති බවයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ.

Make a Comment
Make a Comment