ඩීසල් වාහන තහනම් කරයි?


177 Views

මීළ දශකයේ දෙවැනි භාගය වනවිට, එනම් වසර 2025 දී ඩීසල් මෝටර් රථ සහ ට්‍රක් රථ භාවිතය මුළුමනින්ම තහනම් කිරීමට ප්‍රධාන නගර 4 ක නගරාධිපතිවරුන් එක‍ඟ වී තිබෙනවා.

ප්‍රංශයේ - පැරිස්, මෙක්සිකෝවේ - මෙක්සිකෝ සිටි, ස්පාඤ්ඤයේ - මැඩ්රීඩ් සහ ග්‍රීසියේ - ඇතෑන්ස් නගරවල නගරාධිපතිවරුන් එම එකඟතාවයට පැමිණ ඇත්තේ වායු දූෂණය අවම කරලීමේ පියවරක් වශයෙන්.

එමෙන්ම විකල්ප වාහන භාවිතයට සහ පාගමන් සහ පාපැදි භාවිතය ප්‍රචලිත කිරීම සඳහා දිරිගැන්වීම් ලබාදීමට ද එම නගරාධිපතිවරුන් සූදානම්.

ලෝක සෞඛ්‍ය සංවිධාන පවසන පරිදි බාහිර පරිසරයේ වායු දූෂණය හේතුවෙන් වසරකදී මියයන ලෝක වැසියන්ගේ සංඛ්‍යාව මිලියන 3 කට ආසන්නයි.

Make a Comment
Make a Comment