දෙමාපිය බහට පිටුපා හොරෙන් බැන්ද දියණියට දුප්පත්කමින් මිරිකෙන්න වුණ හැටි


252 Views

සෑම සුන්දර වස්තුවක් පිටුපසම අමතක කරන්න බැරි අසුන්දර යතාර්ථයක් තියෙනවා.

ඒ නිසා මතුපිට සුන්දරත්වයට රැවටුණහොත් අසුන්දර යතාර්ථයේ ගොදුරක් බවට පත්වෙනවා අනිවරේන්ම. ඉතින් හැමදේටම දුර දිග හිතලා වැඩ කරන්න ඕන කියලා කියන්නේ අන්න ඒ  නිසයි.

ඒ වගේම කොයිතරම් මිල මුදල් තිබුණත් එහි මානසික සතුට නැත්නම් ඒ ජිවිතයෙන් ඇති වැඩක් නැහැ කියන එක සමාජයේ බොහෝ දෙනෙකුගේ මතයක්.

ඒ මතය තව තවත් යතාර්ථයක් බවට පත්කරන පුවතක් පසුගිය දිනෙක වාර්තාවෙලා තිබුණා.

ඔහු කුඩා කාලයේම ගොඩාක් දුක් විඳපු කෙනෙක්. නමුත් පාසලකට ගිහින් අධ්‍යාපනය ලබන්න ඔහුට පුළුවන් වුණා. සමාජය විසින් ඔහු කුල හීනයෙකු ලෙස හංවඩු ගහලා තිබුණේ.

නමුත් ඔහු  සියල්ලටම මුහුදිලා තිබුණේ කරදර ගොඩක් මැදයි. සිය ජීවිතයේ ආපස්සට හැරිලා බලමින් ඔහුගේ අමිහිරි අතීතය පිළිබඳව සතිඅන්ත පුවත්පතක සඳහන් කරලා තිබුණා.

"අපි ඉස්සර ජිවත් වුණේ ගොඩක් අමාරුවෙන්. අපේ තාත්තා එළවලු විකුණලා තමයි අපිව ජිවත් කළේ. ඒක ලොකු වෙළඳාමක් නොවෙයි. තාත්තා ඒ කාලේ ඉඳන්ම දුම් පානයට හුරු වෙලා හිටියා. ඒ නිසා තාත්තාට පපුවේ අමාරුවකුත් තිබුණ‍ෙ" ඔහු කතාව පටන් අරගෙන තිබුණේ ඒ විදියටයි.

ඔහු පදිංචිවෙලා හිටියේ දකුණු පළාතේ මුහුදු බඩ ප්‍රදේශයක කුඩා ගමකයි. ඔහුට කුඩා කාලයේ පාසල් යන්නට ඇඳුමක්වත් හරියට තිබුණේ  නෑ.

කුප්පි ලාම්පුවෙන් තමයි පාඩම් කරලා තිබුණේ. නිදාගන්න තිබුණේ බිම එලන ලද පැදුරු කිහිපයක. ඒකත් ගෙදර සියලුදෙනාටම තිබුණේ ඒ පැදුරු විතරයි.

සමහර දවස් වලට වැස්ස නිසා රෙදි වේලිලා තිබුණේ නැත්නම් ලිප ගාව තියලා අම්මා රත්කරලා දුන්නම ඒ රෙදි තමයි ඇඳගෙන පාසල් ගියේ.

මගුල් ගෙදරක වගේ යන්න තියේනම් පොල්කටු ස්ත්‍රික්කයකින් තමයි ඇඳුම් මැද්දේ. එකත් හැමදාම මැද්දේ නැහැ.

මේ නිසා ඔහුගේ පරිසරය දුක් කම්කටොලු වලින් පිරුණු එකක් බවට පත්වෙලා තිබුණා. නමුත් ඒ හැමදේටම වඩා ආදරය කියන දේ පොහොසත් බව අපි දන්නා දෙයක් නේ.

තරුණ සිත්වලට ආදරය දැනෙන්න දුප්පත්කම බලපාන්නේ නැහැ. ඉතින් පාසල් ගිය සමින්දටත් ඒ පාසලේම කුමාරි ගැන ආදරයක් හිතිලා තිබුණා.

ඒ කාලේ පාසලේ පිරිමි ළමයි ගොඩ දෙනෙක් කුමාරි ගැන ආදරයක් ඇතිකරගෙන් තිබුණට කුමාරි ඒ කාටවත් කැමතිවෙලා තිබුණේ නැහැ.එක දවසක් සමින්ද විසින් කුමාරිට ආදරය කරන බව පවසලා තිබුණා.

"කුමාරි කැමති නැද්ද අපේ මිතුදම වැඩිවෙනවට." කුමාරි ඒ වෙලාවේ  සමින්දට මොකුත් නොකියාම මඟඇරලා ගියා.

එදා සමින්ද හිතුවේ කුමාරි ගිහින් සර් කෙනෙකුට කියලා වැඩේ අනලා කියලා. හැබැයි එදා කුමාරි එහෙම කළේ නැහැ.

ඒ නිසා සමින්ද කුමාරිට මෙහෙම කිව්වා. "ඔයා අද හවසට එන්න මුහුද පැත්තට.අපි ටිකක් නිදහසේ කතා කරමු."

නමුත් කුමාරි සමින්දට ගත් කටින්ම පවසලා තිබුණේ "බැහැ" යනුවෙනි. නමුත් සමින්ද කුමාරි ගැන බලාපොරොත්තු නැති කර ගත්තේ නැහැ.

මේ නිසා එදා හවස සමින්ද මුහුද පැත්තට ගියා. සමින්ද කවදාවත් හිතුවේ නැති විදියට කුමාරි තව යාළුවෙකුත් එක්ක ඇවිල්ලා තිබුණේ මල් වැටුණු පුංචි ගවුමක් ඇඳගෙන.

"එදා අපි කවදාවත් වෙන් නොවෙන ලෙස ආදරයෙන් බැඳුණා. අපි පුදුම විදියට ළං වුණා."  

හැබැයි මේ කාලේ වෙද්දී කුමරිගෙයි සමින්දගෙයි ආදරේට එක ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි දුප්පත්කම.

ඒ කියන්නේ කුමාරිගේ අම්මයි තාත්තයි රජයේ රැකියාවල් කරපු අය. මේ නිසා කුමාරිගේ ගෙවල්වලින් සමින්දට කැමති වුණේ නැහැ.

මේ අතරතුරේදී තමයි සමින්දගේ තාත්තා නැතිවෙන්නේ. සමින්දගේ නංගිත් වෙනත් තරුණයෙකුත් එක්ක පැනලා ගිහින් වෙනම පවුල් ජිවිතෙකට ගිහින්.

මේ නිසා සමින්දයි අම්මයි සහෝදරයා වූ මල්ලියි විතරයි අන්තිමේදී ඉතුරුවුණේ.සමින්දට හොඳ රස්සාවක් හොයාගන්න ඕන වෙලා තබුණා.

මේ කාලේ වෙද්දී කුමාරිට නිවසින් විවාහ යෝජනාවක් ගෙනල්ලා තිබුණා. කුමාරි කිව්වේ සමින්දාට "ඔයා මට ඇත්තටම ආදරේ නම් මාව අරන් යන්න" යනුවෙනි."අපි කොහෙහරි ගිහින් තියෙන විදියට ජීවත්වෙමු." යනුවෙන් කුමාරි ලියුමක් එවලා තිබුණා.

ඒ අනුව සමින්ද සහ කුමාරි කසාද බඳින්නේ කාටත් හොරෙන්. ඔවුන්ගේ කසාදෙ අත්සන් කරන්නේ සමින්දගේ යාලුවෙක්. මේ ගැන ආරංචිවුණු කුමාරිගේ මව්පියන් තම දියණිය පවුලෙන් ඉවත්කරලා. මේ නිසා සමින්දට කුමාරිගේ බරත් අදින්න වුණා.

"මට ඕන වුණේ එයා සතුටින් තියන්න. එයාට හොඳ අනාගතයක් දෙන්න. ඒත් ඒක හීනයක්ම වුණා."ලෙසයි සමින්ද දිග හුස්මක් හෙලමින් සඳහන් කළේ.

කාලයක් යද්දී නිවුන් දරු දෙන්නෙකුගේ මවක සහ පියෙකු වන්නට කුමාරි සහ සමින්දට සිදුවුණා. මේ නිසා සමින්දගේ ආර්ථික තත්ත්වය එන්න එන්නම පිරිහුණා.

මුහුද අයිනේ ජීවත්වුණු සමින්ද දවසක් විදෙස් ජාතික කාන්තාවකගේ ජිවිතයක් බේරලා තිබුණා. ඒ කාන්තාව ගොඩක් වයසක කෙනෙක්.එ දා දවසේ රෑ සමින්දට ඒ කාන්තාව ඉඳපු හෝටලේට එන්න කියාලා තිබුණා.

"එදා හෝටලේට ගියාට පස්සේ ඒ සුද්දී කෑම කන්න දුන්නා. ඊට පස්සේ එයා එක්ක මට කාමරේකට යන්න සිද්ධවුණා. ඒ දේවල් මට කරන්න වුණේ මගේ දුප්පත්කම නිසා.

එදායින් පස්සේ ගෙදර යද්දී කුමාරියි දරු දෙන්නයි කන්න දෙයක් නැතුව හාමෙතේ ඉන්න හැටි දක්කම මට පොලොව පලාගෙන යන්න හිතුණා.

මේ නිසා එදා සුද්දී මට දීපු සල්ලි වලින් ගොඩාක් දෙවල් මම ගෙදරට ගෙනත් දුන්නා.එදා කුමාරිත් ගොඩාක් සතුටුවුණා."

අවසානේ ඒ සුදු ජාතික කාන්තාව සමින්ද විසින් කසාද බැන්දා. නමුත් ඔහු කුමාරි තනි කරලා නැහැ. ඔහුට දැන් සල්ලි තියෙන හොඳ පොහොසතෙක්.

නමුත් ඔහු මත්ද්‍රව්‍ය වලට ගොදුරුවෙලා. ඔහු එක දෙයක් කියලා තිබුණා. "මොන දේ කරන්නත්  මුදල් ඕන කියලා." ඔහු සඳහන් කරලා තිබුණා.

නමුත් මුදල් ජිවත් වෙන්න අවශ්‍ය වුණත් මුදල් කියන්නේ මුළු ජීවිතේම නෙවෙයි. එහෙම හිතුවොත් ජීවිතේට වරදින්න යන්නේ පොඩි මොහොතයි.

Make a Comment
Make a Comment