පෙම් ඇසුර දුරදිග ගිහින් පාසල් සිසුවියට දන්නෙම නැතිව වුණු දේ


717 Views

පාසල් දැරියක් පැහැරගෙන ගොස් දුෂණය කළ බවට චෝදනා එල්ලවූ 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

පැහැරගත් දැරිය සින්නපාඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 14 ක දැරියක් බවයි වාර්තා වන්නේ.

සැකකරු සැප්තැම්බර් මස 09 වැනිදා අදාළ දැරිය පැහැරගෙන ගොස් තම සහෝදරයෙකුගේ නිවසකට ගෙනැවිත් ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

පොලිස් බාරයට ගත් දැරිය පුත්තලම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ඇය මාසයක ගැබිණියක් බව හෙලිවී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අද පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Make a Comment
Make a Comment