අගමැති ද ඉකොනොමිස්ට් ජාත්‍යන්තර සමුළුවට


66 Views

ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික වර්ධනය කලාපයේ කිසිදු රටකට තර්ජනයක් නොව අනුපූරණයක් පමණක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ද ඉකොනොමිස්ට් සගරාව සංවිධාන කළ 2017 වසරේදී ලෝකය නම් වූ විශේෂ සම්මන්ත්‍රණයේ සාකච්ඡාවකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා.

ද ඉකොනොමිස්ට් ජාත්‍යන්තර සඟරාව විසින් සංවිධාන කරන ‘‘2017 ලෝකය’’ සමුළුවට සහභාගිවීම සඳහා අග්‍රමාත්‍යවරයා හොංකොං බලා පිටත්ව ගියා.

එම සම්මන්ත්‍රණය ඊයේ ආරම්භ වූ අතර ලෝකයේ ප්‍රකට අර්ථ ශාස්ත්‍රඥයන්, ව්‍යවසායකයින් සහ සමාජ නායකයින් ද ඊට එක්ව සිටියා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සදහන් කළේ ඉකොනොමිිස්ට් සගරාවේ විශේෂ අමුත්තන්ගේ පොතෙහි සටහනක් තැබීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී කටයුතු කළ බවයි.

Make a Comment
Make a Comment

  Related News