කම්කරු නිලධාරින්ගේ වර්ජනය අවසන්


133 Views

මාසයකට ආසන්න කාලයක් වර්ජනයේ නිරතව සිටි කම්කරු නිලධාරින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිය වර්ජනය අවසන් කර තිබෙනවා.

ඒ රාජ්‍ය සේවා කම්කරු නිලධාරින්ගේ සංගමය සහ කම්කරු හා වෘත්තීය සමිති සබදතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න සමග පැවති සාකච්ඡාවේදී පැමිණි එකගතාවයකින් අනතුරුවයි.

ඒ අනුව අද දිනයේ සිට සාමාන්‍ය පරිදි සියලූ කම්කරු නිලධාරින් සේවයට වාර්තා කරනු ඇති බවයි කම්කරු හා වෘත්තීය සමිති සබදතා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

කම්කරු ව්‍යවස්ථාව, ගැළපෙන අයුරින් සකස් කිරීම ඇතුලූ ඉල්ලීම් හතරක් මුල් කරගනිමින් රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය පසුගිය මස 2 වනදා සිට වර්ජනයක් ආරම්භ කළා.

Make a Comment
Make a Comment

  Related News