කතළුව දුම්රිය ස්ථානයේ උප ස්ථානාධිපතිවරයාට පහරදීමක්


118 Views

අහංගම - කතළුව දුම්රිය ස්ථානයේ උප ස්ථානාධිපතිවරයාට කිසියම් පිරිසක් විසින් පහරදීමක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

පොලිසිය සදහන් කළේ ඊයේ රාත්‍රියේ මෙම පහරදීම සිදුව ඇති බවයි.

ප්‍රහාරයෙන් පසුව දුම්රියපොල වසා දැමීමට ද කටයුතු කර ඇති බව සදහන්.

පහරදීමට පුද්ගලයින් 4 දෙනෙකු සම්බන්ධ වී ඇති බවයි පොලිිසිය සදහන් කළේ.

දුම්රිය ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේදී ඇති වූ බහින් බස්වීමක් මෙම පහරදීමට හේතුවී තිබෙනවා.

පහරදීමට පැමිණි පුද්ගලයින් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.

Make a Comment
Make a Comment

  Related News