මිහින් ලංකා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ නොසන්සුන්තාවක්


197 Views

කොළඹ පිහිටි මිහින් ලංකා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ මේවන විට නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා.

ඒ එහි සේවකයන් විසින් ආයතනයේ මානව සම්පත් කළමණාකරු ඇතුලු ප්‍රධානීන් කිහිප දෙනෙකු කාර්යාල අඩස්සියට පත්කර ගැනීම හේතුවෙන්.

සේවකයන්ගේ චෝදනාව වන්නේ මිහින් ලංකා ආයතනය ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග ඒකාබද්ධ කිරීමට යාම හමුවේ තම රැකියා අවධානමකට ලක්ව ඇති බවයි.

කිසිදු වන්දි මුදලක් හෝ නොගෙවා බලධාරීන් තමන් රැකියාවෙන් ඉවත්  කිරීමට කටයුතු කර ඇතැයි ද සේවකයන්ගේ චෝදනාව වනවා.

ලබන 30 වනදා වන විට මිහින් ලංකා ආයතනය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පවරා ගැනීමට නියමිතව තිබුන ද මෙතෙක් තමන්ට කිසිදු වන්දියක් හෝ ශ්‍රී ලංකන් ආයතනයේ රැකියාවක් හෝ ලබාදීමට සැලසුමක් නොමැති බව ද සේවකයන් ප්‍රකාශ කලා.

Make a Comment
Make a Comment