උසාවිය නිහඬයි චිත්‍රපටයට අද ලැබුණු තීන්දුව


212 Views

ප්‍රසන්න විතානගේ ගේ ‘‘උසාවිය නිහඬයි’’ චිත්‍රපටය සඳහා පනවා තිබූ වාරණ නියෝගය හෙට දිනය දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ මීට අදාළ නඩුව කොළඹ දිසා අධිකරණයේදී අද සලකා බැලුණු අවස්ථාවේදීයි.

මෙම චිත්‍රපටය පසුගිය පස්වනදා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබූ අතර, එදින කොළඹ දිසා විනිසුරු එම්.යූ. ගුණවර්ධන අද දිනය දක්වා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම තහනම් කරමින් වාරණ නියෝගයක් නිකුත් කළා.

ඒ මෙම චිත්‍රපටය හරහා තමන්ට අපහාසයක් වන බව පවසමින් හිටපු මහේස්ත්‍රාත්වරයෙකු වූ ලෙනින් රත්නායක ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මේ අතර, මෙම වාරණ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා කලාකරුවන් සහ සිවිල් නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ අලුත්කඩේ - උපරිමාධිකරණය අසල නිහඬ විරෝධතාවයක ද නිරත වුණා.

Make a Comment
Make a Comment