මංගල රැයේදීම දරුවෙකු බිහිකළ කුමුදු අලුත බැදපු සැමියා සමගින්ම මිය ගිය හැටි


1,871 Views

කාමයෙහි වරදවා හැසිරීම වරදක් නිසාවෙන් නිවැරදි ජිවිතයක් ගතකිරීමට සෑම ආගමකින්ම උපදෙස් දී තිබෙනවා.

නමුත් අනියම් ඇසුරකට ඇති වූ දැඩි ආශාව නිසා එහි තාවකාලික විඳීමේ අනිසි විපාක මේ භවයේදීම ලැබූ සිදුවීමක් උඩුගල ප්‍රදේශයෙන් වාර්තාවුණා.

මෙම සිදුවීම කාලයේ වැලි තලාවට යටවගියත් අනියම් පෙම්සුව විඳින්න කැමති අය උදෙසා මෙය පාඩමක් වනු ඇති.
උඩුගල ගමෙහි මුදල් වැඩියෙන් තිබුණු පොහොසත් පවුලක් ජීවත්විය. සියලු සැප සම්පත් එම කාලයේ හැටියට ඕනා තරම් තිබුණි.

සියලු සැප සම්පත් හිමිවුවද එම පවුලේ කුමුදු නෝනා ඇති දැඩිවූයේ හුදෙකලාවේය. ඇගේ දෙමව්පියන්ට තම දරුවා පිළිබඳව සොයා බැලීමට කාලයක් නොවීය. ඔවුහු වැඩිපුර කල්පනා කළේ මුදල් සොයා ගන්නා මාර්ග ගැනයි.

මව්පිය ආදරය අහිමි කුමුදු  නෝනා දිනෙන් දින වැඩුණාය. ඇගේ පුංචි සිතට එන සියලු ගැටලුවලට විසඳුම් සෙවුයේ සමින්ද මගිනි. කුමාරි ඇගේ නිවසේ සිටි මෙහෙකරුවා විය.
කුමුදුගේ පාළුව මකාදැමීමට හැකිවුයේ සමින්ද කියූ සුරංගනා කථා වලින්ය.

කුමුදු සමඟ සෙල්ලම් කළේ සමින්දය. සියලු හැඟීම් බෙදා ගත්තේ ඔහු සමඟයි.
මුදල් වලට කෑදර වූ කුමුදුගේ දෙමව්පියන් සිය දියණියගේ භාරකාරත්වය පැවරුවේ ගෙදර මෙහෙකරුටය.

කුමුදු නෝනා කාලය ගතවන විට සිත් ඇද ගන්නා ලස්සනම ලස්සන ගැටිස්සියක් විය. වැඩිවියට පත්වූ ඇය තරුණයෙකුගේ හැඟීම් තේරුම් ගන්නට උත්සාහ කළේය.
ගැටිස්සියක් ලෙස සිතීමට, ලස්සනට ඇඳීමට පැළඳීමට කැමැත්ත දැක්වූවාය. මව්පියන්ගේ ඇල්ම බැල්ම තිබිය යුතුම කාලයේ කුමුදුට ඒ දේවල් අහිමිවිය.ඒ දෙමව්පියන් මුදල් සෙවීමට වැඩි කාලයක් ගතකළ නිසාය.
මේ කාලය වනවිට සමින්දගේ වයස අවුරුදු 23ක් වූවේය. ඔහු නාඹර යෞවන වියේ පසුවිය. මේ තරුණයා ඉස්සර දැක්ක කුමුදු දැන් දකින්නේ නැත. ලැම ඉස්සරහට පැමිණි ලස්සනම ලස්සන ඉටි රුපයක් වැනි කාන්තාවකි සමින්ද විසින් කුදුව දකින්නේ.
ඇගේ රුව, ඇගේ දඟකාරකම් ප්‍රියකළ සමින්ද ඇය වසඟයට ගත්තේය. සමාජ අවබෝධයක් නොවූ කුමුදු නෝනාගේ එකම වීරයා සමිදය.
හැඟීම් මෝදුවන කාලයේ කුමුදුට සමින්දගෙන් එම දේවල් සපුරා ගැනිමට තීරණය කලාය.

ආදරය, ලිංගිකත්වය වෙන්ව තේරුම්ගත නොහැකි කාලයකදී සමින්දගේ සහ කුමුදුගේ හැඟීම් පාලනය කරගත නොහැකිවී කුමුදුගේ ජීවිතයේ වටිනාම දේ විනාශයට පත් වූවාය.
සිය දියණිය නිවසේ මෙහෙකරුවා අතින් ගිලගත් බව සල්ලි වලට කෑදර වූ මව්පියන් දුටුවේ නැත.
කාලය ගතවීමත් සමඟ හැඟීම් පාලනය කර නොගැනීමේ විපාක වලට මුහුණ දීමට සිදුවිය.

කුමුදු නිතරම නිදිමත ගතියෙන් සිටින්නට වුණා.
ඇඹුල් ජාති කෑමට ප්‍රිය කළාය. මේ දේවල් හඳුනාගත් සමින්ද කුමුදු හැර දමා පලාගොස් තිබුණා.

ඒ වන විටත් කුමුදුගේ දරු ගැබට මාස හයක් පිරී තිබුණි. තමන්ගේ එකම දියණිය ගැබ්බරවී ඇති බව ඇයගේ මුදල්වලට කෑදර මව්පියන් දැන ගන්නේ දැන්ය. නමුත් ප්‍රමාද වී තිබුණි.
වැඩිපුර මිල මුදල් වියදම් කර මෙම මව්පියෝ ලොකු දෑවැද්දකින් සිදු වූ ලැජ්ජාව වසා ගැනීමට තීරණය කරමින් මගුල් කපුවෙකු මාර්ගයෙන් කුමුදු විවාහ කර දීමට තීරණය කළා.
කුමුදු  විවාහ කර ගැනීමට උඩුගල විසූ කඩවසම් තරුණයෙක් කැමැති විය. ඔහු වැඩියෙන්ම මනාප වූයේ ඇයට ලැබෙන දෑවැද්දටය.

මනමාලිය මනමාලයාගේ නිවසට කැඳවාගෙන ගියහ. දවසේ තිබූ අධික මහන්සිය නිසා කුමුදුට නින්ද ගියේය. මනාලයා මධුසමය ගත කිරීම සඳහා ඉවසුම් නැතිව මිතුරන් සමඟ මද වෙලාවක් පැදුරු සංගීතය විඳ ගැනීමට යොමුවුණා.
නමුත් මංගල සාදය අවසන් වීමට ප්‍රථමයෙන් කුමුදු  සිය කුළුඳුල් දරු උපත සිදු කළාය,ඒ සිය මංගල දිනයේ රාත්‍රියේදීයි.
මේ දේවල් දරාගත නොහැකිවූ කුමුදුගේ  සැමියා එම මොහොතේම වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබුණා.

මංගල යහනේදී දරුවෙකු ප්‍රසුත කළ ඇයට පිහිට වීමට කිසිවෙකුත් සිටියේ නැත.අවසානයේදී කුමුදු  මංගල යහනේදීම අවසන් හුස්ම හෙලුවේය.

මේ අතර ගමෙන් පලාගොස් සිටි සමින්ද කඩයක සේවය කළේය. එහෙත් සල්ලාලකමේ අඩුවක් නොවීය. කඩයට එන ගැටිස්සියන්ට නොමනා විහිළු තහළු කිරීම සිරිත විය.
ඒ ගමේම දුප්පත් පවුලක් ජීවත් වූ අතර ඔවුනට රූමත් දියණියක් විය. ඇගේ නම තරුකාය. තරුකා මව සාදා දෙන කැවිලි ජාති කඩයට දැමීමට යන්නීය. ඇගේ සොදුරු රුව සමින්ද දකින්නේ එහිදීය.

තාරුකාගේ පහස විඳීම ඔහුගේ නවතම ආශාව කර ගත්තේය. ඔහු තරුකාගෙන් ඒ පිළිබඳව විමසුවේය. දුප්පත් වුවද තරුකා යහගුණ ඇත්තියකි. ඇය සමින්දගේ සල්ලාල හිත හැඳින ගත්තා. ඒ නිසාම ඔහුට හොඳ පාඩමක් ඉගැන්වීමට සිතුවාය.

අද රෑ 7.30ට අපේ ගෙදර පිටිපස්සේ තියෙන කැලේට එන්න” යනුවෙන් පවසා තම සැලැස්ම ක්‍රියාත්මක කළාය.

ඇගේ වචනය සමින්දට ඉහේ මලක් පිපුණා බඳුය. රාත්‍රීය එනතුරු නොවිසිල්ලෙන් බලාසිටි සමින්ද හනි හනිකට තරුකාගේ නිවස අසල පිහිටි කැලයට ගමන් කළේය. ඒ අසළ පැරණි වැසිකිළි වැලක් විය. තාරුකා   එන තෙක් ඔහු එම වැසිකිළියේ සැඟවීමට තීරණය කළේය.

සිදුවූයේ අනපේක්ෂිත දෙයකි. දිරාගිය ලෑලි කඩාගෙන සමින්ද  වැසිකිළිවළට ඇද වැටුණේය. ඔහුගේ උදව්වට කිසිවෙකුත් නොසිටි අතර එහිම අවසන් ගමන් ගියේය. ගැහැණියෙක් අනාථ කරමින් තව තවත් රාගී සුවය සොයා ගිය සමින්දට අනිසි විපාක විඳින්නට සිදුවුණේ එලෙසයි.

Make a Comment
Make a Comment