වජිර ඇමතිගේ කතාව හොරුන්ට ඔක්සිජන් සැපයීමක් වගේ


94 Views

සිය අමාත්‍යාංශයේ නිලධාරීන්ව පොලිස් මූල්‍ය අපරාධ ඒකකය මගින් කැඳවා තිබෙන අවස්ථාවකදී ඔවුන්ව එම ඒකකයට නොයැවීමට අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා කළ ප්‍රකාශය හොරුන්ට ඔක්සිජන් සැපයීමක් බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

හෙතෙම මේ බව පැවැසුවේ, කොළඹදී ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ රාමනායක මහතා,

"අපරාධ නඩු විධාන සංග්‍රහ පනතින් කරුණු දන්නා ඕනෑම අයෙකු කැඳවීමට පොලීසියට හා පොලීසියට සම්බන්ධ ආයතනවලට බලය තිබෙනවා. මෙහෙම තියෙද්දි වජිර අබේවර්ධන ඇමතිතුමා, එතුමාගේ අමාත්‍යාංශයේ සේවකයන්ට එෆ්.සී.අයි.ඩී.යෙන් කැඳවීමක් තිබුණාම ඔහු කියනවා "යන්න එපා මම බලාගන්නම්" කියලා. ඒක හරි පුදුම කතාවක්.

ඒක හොරුන්ට ඔක්සිජන් සැපයීමක් ලෙස මම දකිනවා. අපේ අමාත්‍යාංශයේ කවුරු හරි එෆ්.සී.අයි.ඩී. එකෙන්, අල්ලස් කොමිසමෙන් කැඳවීමක් ලැබුණොත් මම ඒ සේවකයාට වාහනයක්, මුදල් දීලා යන්න කියනවා." යනුවෙන් පැවසීය.

Make a Comment
Make a Comment

  Related News