\'\'සමනළ තටු\'\' එංගලන්තයට පියඹයි


4,290 Views

සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සමනල තටු චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ජුලි 13 වන ඉරිදා ලන්ඩන් නුවරදී පැවැත්වීමට යයි.දක්ෂතා ඇතත් දුප්පත්කම නිසා අසරණ තත්වයට පත්ව ඉන්නා ශ්‍රී ලංකාවේ ඈත පිටිසර ගම්මානවල ජීවත්වන දරුවන් හට පිහිටවීමේ අරමුණෙන් පිහිටුවා ගන්නා ලද " උපන්දින පදනම" මඟින් සංවිධානය කර ඇති එම චිත්‍රපට දර්ශනයේ සියලුම මුදල් එම සංවිධානයේ වැඩකටයුතු සඳහා යොදාගනේමට බලාපොරොත්තු වන  බව සංවිධායකයෝ කියති.

 ආධාර දර්ශනය සඳහා තම සිනමා නිර්මාණය ලබාදීම සම්බන්ධයෙන් " උපන්දින පදනම" සෝමරත්න දිසානායකයන් වෙත් තම කෘතඥතාවය පළකරයි.
උපන්දින පදනමේ අරමුණු පැහැදිලි කරමින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන්ව ඇත්තේ තම බලාපොරොත්තුව වන්නේ " කැලේ පිපෙන මල් කැකුළු සිදාදියට ගෙන ඒම නොව කැලේම පිපී මුළු ලොවම සුවඳවත් කරන්නට අත හිත දීම " බවය.

ලන්ඩන් නුවර ශ්‍රී ලාංකික දරු දැරියන්ගේ කළා කුසලතාවයන් හඳුනාගෙන ඒ සඳහා ඒම දරු දැරියන් තවදුරටත් දිරිමත් කිරීමේ අරමුණෙන් " උදව් පතන දරුවන්ට අත දෙන්න" යන තේමාව යටතේ චිත්‍ර තරඟයක් පැවැත්වීම සඳහාද " උපන්දින පදනම" කටයුතු යොදා ඇත.
"
සමනල තටු" චිත්‍රපටයේ දර්ශන දෙකක් ජුලි 13 වන ඉරිදා සවස 6 ට සහ 8.30 ට ක්වීන්ස්බරිහි සියලු සාන්තුවරයින්ගේ දේවස්ථාන ශාලාවේදී පැවැත්වෙයි.

Make a Comment
Make a Comment

  Related News