ජැකී සල්මන්ගෙන් රිතික්ට


2,452 Views

මේ දිනවල අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති සල්මන් ඛාන් රඟන 'කික්' චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වන ශ්‍රී ලාංකීය සුරූපිණී ජැකලින් ෆනැන්ඩස් මීළඟට රිතික් රෝශන් සමඟ චිත්‍රපටයකට එක් වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඇය මෙලෙස රිතික් සමඟ රංගනයෙන් දායක වීමට නියමිතව ඇත්තේ සජිඩ් නාඩියාවාලා විසින් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයකයි.ඔහු කික් චිත්‍රපටයේද අධ්‍යක්ෂකවරයා වන අතර ජැකලින් ඔහු සමඟ චිත්‍රපට 3ක් සඳහා ගිවිසුම් අත්සන් කර ඇති බව පැවසේ.

මෙම තොරතුරු මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති වුවත්, ජැකලින්ට රිතික් සමඟ රඟපෑමට අවස්ථාවක් හිමි වුවහොත් එය ඇගේ නිළි දිවියේ ස්වර්ණමය අවස්ථාවක් වනවා නිසැකයි.

Make a Comment
Make a Comment

  Related News