ජැක්සන් නිසා දස්කොන් අතහරියි


5,201 Views

ජැක්සන් ඇන්තනි  දස්කොන් ප්‍රමිලා ඓතිහාසික ප්‍රේම වෘතාන්තය ඇසුරෙන්  නිර්මාණය වන ‘දස්කොන්’ටෙලි නාට්‍යය නිර්මාණය කිරීමට  මේ දිනවල එක්ව සිටී.

මේ ටෙලියට ඉන්දීය නිළියක වන පූඡා උමාශංකර් ද එක්ව සිටී.ඇයගේ පළමු ටෙලි නාට්‍ය රංගනය ලෙස  මෙය හඳුන්වා දෙමින් අදාල ටෙලිය මාකට් කර ගැනීමටඋත්සාහ කරන අතරේම ඇයට ද විශාල මිලක් ලබාදී තිබේ.දස්කොන්ගේ චරිතය රඟන්නෙත් නව පරපුරේ රංගන ශිල්පියකු වන රොෂාන් රවීන්ද්‍රය.

එසේ නළු නිළියන්ට මේ ටෙලියේ මහ ඉහලින් සලකද්දී එහි තිරය පිටුපස සිටින දරදිය අදින කාර්මික ශිල්පීන් හා සෙසු අයට ලැබෙන්නේ හිඟන සැලැකිල්ලක් බව වාර්තා වේ.මේ කාරණාව නිසාම එහි නිෂ්පාදන කලමනාකරුවා ටෙලිය ස්වර්ණවාහිනියේ විකාශයට ද පෙර එය හැරගොස් ඇති බව පැවසේ.ඔහු මහතලා හටන, ඇහැලේපොළ කුමාරිහාමී  වැනි දැවැන්ත නිර්මාණවලද නිෂ්පාදන කළමනාකරුවාය.

ඔහු මෙසේ ජැකස්න්ගේ ‘දස්කොන්’ හැරයාමට හේතුවී ඇත්තේ අදාල ටෙලියේ නළුනිළියන්ට හා එහි තිරය පිටුපස ශිල්පීන්ට කෑම මේස දෙකක් දමන ලෙසට ලැබුණු උපදෙසක් නිසාය.මේ කෑම මේස දෙකේ වෙනස වන්නේ නළු නිළියන්ට කුක්ල්මස් බුරියානි දෙද්දී එහි දෙවැනි කෑම මේසයේ ඉඳගන්නා ටෙලියට දරදිය අදින තිරය පිටුපස ශිල්පින්ට සාලයන් සමඟ බත් මේසයක් වීමය.අදාල නිෂ්පාදන කළමනාකරුවා තම හෘදසාක්ෂියට එකඟව එය  කළ නොහැකි බව පවසමින් ඔහු ඉන් ඉවත්ව ගොස් ඇත.

Make a Comment
Make a Comment

  Related News